ජයකාන්ත ලියනගේ – බළපිටිය
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ඇල්පිටියේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත වෘත්තීය පුහුණු පාඨමාලා සදහා මේ දිනවල ආධුනිකයින් බදවා ගැනීම ආරම්භ කර තිබේ.
පුහුණු පාඨමාලා හදාරා සාර්ථකව නිම කරන්නන් සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ Leval) සහතික පත්‍ර තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිරිණැමීමට කටයුතු කරනු ලබයි.
එක් එක් පාඨමාලා සදහා බදවා ගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 16 ට වැඩි ආධුනිකයින් තමන් විසින් සකසා ගන්නා ලද අයදුම්පත් හෝ පුහුණු මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා ලද අයදුම්පත් සම්පූර්ණ කර 2023 දෙසැම්බර් 18 වන දිනට පෙර අළුත්ගම පාර ඇල්පිටිය ලිපිනයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හෝ ටැල්බට් ටවුම ගාල්ල ලිපිනයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට යොමු කල යුතුය.
ඇගළුම් නිර්මාණ ශිල්පී (NVQ Leval – 04, වසර – 01), රූපලාවන්‍ය ශිල්පී, කොණ්ඩා සැකසුම් ශිල්පී (NVQ Leval – 04, මාස – 04) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී, උද්‍යාණ අලංකරණ ශිල්පී (NVQ Leval – 04, මාස – 06), ජලනල කාර්මික ශිල්පී, ජංගම දුරකතන අළුත්වැඩියා ශිල්පී, මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී (NVQ Leval – 03, මාස – 06) යන පූර්ණ කාලීන පාඨමාලා සහ ජාතික සහතිකය – ඉංග්‍රීසි (පැය – 150), තොරතුරු තාක්ෂණය, මනාලියන් හැඩගැන්වීම, පිරිමි කොන්ඩා කැපීම (පැය – 100), ජංගම දුරකතන අළුත්වැඩියා ශිල්පී (පැය – 50) යන පාඨමාලා 2024 ජනවාරි ආරම්භ කිරීමට නියමිතය.
පූර්ණ කාලීන පාඨමාලා නොමිළයේ පැවැත්වෙන අතර ඇතැම් තෝරගත් පාඨමාලා කිහිපයක් සදහා සහනදායී ගාස්තු අය කරනු ලබයි. නොමිළයේ පැවැත්වෙන පාඨමාලා කිහිපයක් සදහා ආධුනිකයින්ට පුහුණු කාලය තුල මසකට රුපියල් 4000/- බැගින් දීමනාවක් සහ සහනදායී ලංගම වාර ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවත් එයට අමතරව අඩු ආදායම් ලාභීන් සහනදායී ගාස්තු වලින්ද නිදහස් කරන බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් මැද්දේගොඩ ප්‍රකාශ කරයි.
ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් – 04 ( NVQ Leval – 04) න්‍යායික පුහුණු කාලයට අමතරව වැඩබිම් හි මාස 06 ක වැඩිදුර පුහුණු කාලයක්ද ඇතුලත් වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 091-2291186, වැඩ සටහන් නිලධාරී 071-2538163 දුරකතන අංක අමතීමෙන් හෝ අළුත්ගම පාර ඇල්පිටිය ලිපිනයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ලබා ගත හැකිය.