තලේබාන්වරුන්ගේ පාලනයට යටත් වූ ඇෆ්ගනිස්ථානයේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාවේ 2022 මැද භාගය වන විට 700 000 සිට 900 000 දක්වා වැඩි වී ඇතැයි ඇෆ්ගනිස්ථාන ප්‍රතිසංස්කරණ සඳහා විශේෂ පරීක්ෂක ජෙනරාල් වාර්තාව (SIGAR) පවසයි.
ඇෆ්ගන් සමීක්ෂණ වාර්තාවලට අනුව එරට ජනතාවගෙන් සීයට 89කට වැඩි සංඛ්‍යාවකගේ ආර්ථික තත්ත්වය නරක අතට හැරී තිබේ. ගෙවුණු මාස 12ක කාලය තුළදී සීයට 75කට ආහාර ගැනීමට ද මුදල් නොමැති වී ඇත. එලෙසම සීයට 58කට ප්‍රමාණවත් නවාතැන් සඳහා අවශ්‍ය මුදල් නැත.
විශේෂයෙන්ම මෙම තත්ත්වය කාන්තාවන්ට තදින්ම බලපෑම් කරලා තියෙනවා.. තලෙයිබාන් පාලනයට පෙර තත්ත්වය හා සසඳා බලද්දී 2022 මැද භාගය වන විට කාන්තා රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව සීයට 21ක් දක්වා පහත වැටිලා.. 2020 ශ්‍රම බලකාය සඳහා කාන්තා දායකත්වය සීයට 17ක් විදියටයි ගණන් බලලා තියෙන්නේ.
සඳහන් කරයි.
රැකියා විරහිතභාවය සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් ලතීෆ් නසාරි පවසන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා රජය කටයුත-ු කරගෙන යන බවයි. එලෙසම පෞද්ගලික අංශයේත්, කෙටි හා දිගු කාලීන සැලසුම් සහිත කුඩා ව්‍යාපාර අංශයේත් ශක්තිය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.