අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තල්මසුන්ගේ දිවි ගලවාගෙන මිහිතල ඉතිහාසයට ලංකාවේ නම එක්කළ පානදුර මෙහෙයුම

by Lanka Sara Editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර වෙරළට ඊයේ සවස් භාගයේ සේන්දු වී ආපසු යාගත නොහැකිව අසරණ වූ විශාල තල්මසුන් රංචුව මුහුදට යළි යොමු කිරීමේ වෙහෙසකර ප්‍රයත්නය අද අළුයම තුනට පමණ අවසන් වීමෙන් පසුව යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම සතුන් වෙරළ තීරයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් යළි මුහුදට තල්ලු කිරීමේ කාර්යය ආරම්භ කළ අතර පසුව එයට නාවික හමුදාව වෙරළාරක්ෂක අංශ, පරරිසරවේදීන් ඇතුළු කණ්ඩායම් රැසක දායකත්වය ලැබුණි.

තල්මසුන් පිළිබඳ පර්යේෂිකාවක සහ සමුද්‍ර ජීව විදයාඥවරියකු ලෙස ලෝකයේ නමක් දිනා සිටින ශ්‍රි ලාංකික විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ද වෝස් ද මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර ඇයද මෙම සතුන් මුහුදට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම ඇතුළු සහය ලබා දුන්නාය.

ඇය අද උදෑසන සඳහන් කළේ පයිලට් වේල් (Pilot Whale ) නම් තල්මසුන් ඝනය මෙසේ පැමිණි අතර ඔවුන් යළි මුහුදට යොමු කිරීම අතිශයින්ම වෙහෙසකර වූත් දුෂ්කර වූත් කාර්යයක් බවය. ඇයගේ ඇස් පෙනෙන් මානයේ දී එක් තල්මසකුට තම ජීවිතය අහිමි වූ බව ආචාර්ය ආශා ද වොස් සඳහන් කරන්නීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙරළට පැමිණි තල්මසුන් මුහුදට එක් කිරීම වීඩියෝවක් නරඹන කෙනකුට විනෝද ජනක හෝ හිංසාකාරී ප්‍රයත්නයක් සේ දැකිය හැකිය.

එසේ වුවද මෙම කාර්යයට යොමුවූ පුද්ගල කණ්ඩායම් මේ අසීරු අවස්ථාවේ යොදන ද ප්‍රයත්නය මහත් සේ අගය කකළ යුතු ක්‍රියාවක් බව ආචාර්ය ආශා පවසයි.
“ බැලූ බැල්මට පේන්නේ මේ සතුන් මඟ මිනිසුන් අනවශ්‍ය ලෙස පොර බදනවා වගෙයි. එහෙත් ඒක එහෙම නෙවෙයි.

මෙය විශාල වෙහෙසකර වැඩක්. සාමාන්‍යයෙන් මෙම තල්මසකුගේ බර කිලෝ ග්‍රැම් 1000ත් 3000ත් අතර වෙනවා. ඒ කියන්නේ ටොන් එකත් තුනකුත් අතර බරක්. අනෙක මේ සතුන් සාමාන්‍යෙයන් අඩි 10ත් 18ත් අතර වෙනවා. ඔවුන් හැසිරවීම ට මෙයට සහභාගී වූ අයට තමන්ගේ සියලු ශක්තිය යොදන්න වුණා. දිගු වෙලාවක් වෙරළේ සිටින්නට සිදුව ඇති නිසා ඔවුන් හිටියේ තල්මසුනුත් හිටියේ දැඩි ආතතිකාරී තත්ත්වයක. අනෙක ඔවුන් ද වෙහෙසට ප්ත්ව තිබුණා. මේ නිසා මිනිසුන් ඔවුන් හසුරවද්දී ඔවුන් දඟලනවා. ඔවුනගේ සියලු ශක්තිය යොදල වලිගය වනත්දී මේ තත්ත්වය පාලනය කරගෙන වතුරේදී මිනිසුන්ට තමනුත් බේරී සතුනුත් බේරා ගන්න අපමණ වෙහෙසක් දැරිය යුතුයි. අද පාන්දර තුන පමණ වනතුරු ඔවුන් මේ වෙහෙසකර කාර්යයේ යෙදී සිටියා.
තල්මසුන් හුස්ම ගන්නේ ඔවුන්ගේ හිසේ ඉහළ කොටසේ තිබෙන පුඩුවලින් . ඒ නිසා හැම වෙලාවෙම අපි උත්සාහ කළේ සතුන් මුහුදට යොමු කරන විට ඔවුන්ගේ හිස ඉහළට සිටින සේ හරවා තල්ලු කිරීමයි. නමුත් මුහුදු රළත් එක්ක මේ දැවැන්ත බරකින් යුතු සතා ඉහළට ඔසවා තල්ලු කිරීම ඔබට හිතා ගන්න පුළුවන් කෙතරම් අසීරු දෙයක්ද කියල. දැඩි මුහුදු රළ එනකොට මේ දැවැන්ත තල්මසුනුත් මිනිස්සුත් එක්කම ආපසු ගොඩ බිම දෙයට විසි වෙනවා.

ඔවුන් මේ මෙහෙයුම කළේ කැලි කැපපෙන අඳුරේය. ඔවුන්ගේ සහයට මෙම ස්ථානයට පැමිණි ජීප් රථ කිහිපයක් ඔවුන්ට අවශ්‍ය ආලෝකය හැකිතාක් ලබා දීමට පියවර ගත්හ. ආචාර්ය ආශා ද වොස් පවසන ආකාරයට මේ සඳහ සහභාගී වූ කණ්ඩායම් කිසිදු ලෙසකින් තමන්ගේ ජීවිතය ගැන නොසිතා තමන් විසින් දෙන ද උපදෙස් ද නිසි ලෙස පිළිපදිමින් කළ මේ සුවිශේෂි මෙහෙයුම සතුන් වෙනුවෙන් මිනිසුන් කළ මේ මිහිතලයේ ඓතිහාසික මෙහෙයුමක් බව ද පවසන්නීය.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රවීන පරිසරවේදි නයනක රන්වැල්ල මහතා පවසන්නේ තල්මසුන්ගේ දිවි බේරා ගැනීම සඳහා ලෝකයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම මෙය විය හැකි බවය. පැය 16ක් විතර අඛණ්ඩ මනිස්සුන්ට මේ තල්මසුන්ගේ ජීවත සමඟ හැපෙන්න සිදුවුණා. සමහරු මේ පැය 16ම වතුරේ හිටියේ. විශේෂයෙන් නාවික හමුදාවත් සතුන්ගේ දිවි බේරාගැනීම සඳහා ඉක්මනින් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ටීම් අයන් මෑන් නම් ජෙට්ස් කී අධි වේගී කුඩා යාත්‍රා කණ්ඩායමත් ඇතුළු විශාල කණ්ඩායමක් තම දිවි නොතකා මෙම මෙහෙයුමේ නිරත වූ බවත් අවාසනාවකට සතුන් දෙදෙනකු පමණක් මිය ගිය අතර අනෙක් සතුන් බේරා ගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

“මේ උතුම් කාර්යයට සහාය දුන් නාවික හමුදාව ප්රමුඛ සැම දන වෙත සමස්ත ලෝකයේම ගෞවරවය හිමි විය යුතුයි“ රන්වැල්ල මහතා සඳහන් කරයි.
මෙම තල්මස් වර්ගය මෙරට ධීවර ප්‍රජාව හඳුන්වන්නේ කොමඩුවා ලෙසිනි. එසේම මෙම තල්මසුන් මහ කළු තල්මසා ලෙසද හැඳින්වෙන බව ජාතික ජලජ සම්පත් නියෝජිතායතනයේ තල්මසුන් සම්බන්ධ පර්යේෂකයකු වන ආචාර්ය රනිල් නානායක්කාර පවසයි. පයිලට් වේල් (Pilot Whale) නමින් හඳුන්වන තල්මස් ඝනයේ (Globicephala) විශේෂ දෙකක් සිටින අතර ඔවුන් දිගු වරල දරන (Long Finned) (Globicephala melas සහ කෙටි වරල (Short Finned) දරන විශේෂ Globicephala macrorhynchus ලෙස සඳහන් කර ඇත.

ඔවුන් මෙලෙස හදිසියේ වෙරළට පැමණිමට හේතුව පැහැදිළි කල නොහැකි බවත් ඒ සඳහා මුහුදු දියවැල් අබ්‍යන්තකර කම්පන හෝ වෙනත් සාධක පවතින අතර නිසි හැදැරීමකින් තොරව යමක් ප්‍රකාශ කළ නොහැකි බව ආචාර්ය නානායක්කාර පවසයි. බොහෝ විට රංචු වශයෙන් සිටින මෙම සතුන් තම නායකයා අනුගමනය කරන තල්මසුන් රංචුව නායකයා ගන්නා ගමන් මග අනුගමනය කරන බවත් ආචාර්ය නානායක්කාර පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව පී.එච්.අයි මහත්තුරුන්ට අලුත් යතුරුපැදි…

Next Post

“මේ අනතුර ගැන ජනවාරි මාසේ කතා කරනකොට කට්ටියම කළේ මට අපහාස කරපු එක විතරයි”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.