අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණකම ජව බල වඩන,රෝග රැසක් නසන යකඩ රැජණ… අරුම පුදුම මලක කතාව…

by editor
ඔක්තෝබර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කෙසෙල් ආහාරයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව වසර දහස් ගණනකට පෙර සිටම ආහාරයට ගත් පලතුරක් වන බවට ශාක්ෂි තිබේ. අනුරාධපුර යුගයේ බුද්ධදාස රජු විසින් කරන ලද සාරාර්ථ සංග්‍රහය නම් පොතෙහි ද කෙසෙල් පිළිබඳ විස්තරයක් දැක්වෙයි.

 

කෙසෙල්, ලෝකයේ සෑම රටකම පාහේ පලතුරක් ලෙස ජනප්‍රියව පැවතිය ද, කෙසෙල් මල් ආහාරයක් ලෙස ජනප්‍රියව පවතින්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියාවේ රටවල්වලය. එළවළුවක් ලෙස තායි කෑම වල බහුලව දක්නට ලැබෙයි. ආහාරයට ගන්නා කෙසෙල් මලට මෙරට ජනතාව “කෙසෙල් මුව ” , “වතුමුහ” යන නම් ද භාවිත කරයි. පැරණි අය අතර කෙසෙල් මුව ඉතාමත් පෝෂණීය එළවළුවක් ලෙස ප්‍රකටව තිබුන ද, වර්තමානය වන විට බොහෝ දෙනෙකුගේ ආහාර ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළට වැටෙමින් තිබෙන එළවළුවකි.

සාමාන්‍යයෙන් වෙළෙදපොළේ වැඩිපුර පරිභෝජනය කෙරෙන එළවළුවල මිළ අහසට උසට නැග ගිය ද, කෙසෙල් මුව ඕනෑම කාලෙක සාපේක්ෂව මිල අඩු එළවළුවකි. මිලෙන් අඩු වුවද, සොයා ගැනීමට පහසු වුව ද, පෝෂණ විද්‍යාත්මක සහ ඖෂධ විද්‍යාත්මක වටිනාකම් පිළිබඳව නොදන්නාකම නිසාවෙන් ඒ හැටි වටිනාකමක් හිමි නොවුණු මෙම එළවළුව ශිෂ්ටාචාරයේ අප පෙළෙන බරපතල රෝගාබාධ කිහිපයකටම විසඳුම් සඟවාගත් අරුම පුදුම ඖෂධීය සහ පෝෂණීය ගුණ සම්භාරයක් තිබෙන එළවළුවක් බව නවීන විද්‍යාත්මක පර්යේෂණ ලිපි ලේඛනවලට එබී බැලීමෙන් තහවුරු වෙයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

පීගුතුවල මෙන් දහ ගුණයක, නිවිති මෙන් විසි ගුණයක යකඩ.

කෙසෙල් මුහ

යකඩ යනු රුධිර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය සංඝටකයකි. මිනිස් රුධිරයේ සහ යහපත් කායික මානසික පැවැත්මේ අතිශය තීරණාත්මක කාර්ය භාරයක් සඳහා ආහාර මගින් අප ලබා ගන්නා යකඩ පධාර්ථය වැදගත් වෙයි. රුධිරයේ යකඩ පදාර්ථය අඩු වීම, ලේ හිඟකම නොහොත් රක්ත හීනතාවය සඳහා බලපානු ලබන ප්‍රමුඛ සාධකයක්ද වෙයි. 

ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණය (2012) වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු සහ කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු රක්ත හීනතාවයෙන් පෙළෙයි. රක්ත හීනතාවය සඳහා බලපාන ප්‍රමුඛම සාධකයක් වන්නේ යකඩ ඌණතාවයයි. යකඩ ඌණතාවය නිසා හට ගන්නා රක්තහීනතාවය තවමත් ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලුවක් බවට සැළකෙයි.

යකඩ ඌණතාවය සඳහා ප්‍රමුඛතම සාධකයක් වන්නේ අප ගන්නා ආහාරවලින් සිරුරට ප්‍රමාණවත් ලෙස යකඩ නොලැබීමයි. සිරුරට අවැසි යකඩ පධාර්ථය ලබා ගැනීම සදහා පෝෂණවේදීන් නිර්දේශ කරන්නේ යකඩ බහුල ආහාර සුලභව ලබා ගන්නා ලෙසයි.

බටහිර පෝෂණ විද්‍යා පොත් පත් කට පාඩම් කරගෙන ඉන්නා අප දන්නා පරිදි යකඩ බහුලවම අඩංගු වන්නේ මස් මාංශ, පීගුතු වැනි ආහාර වර්ග වලය. යකඩ අඩංගු ශාකමය ආහාරය ලෙස ජනප්‍රියව තිබෙන්නේ නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ග වෙයි. එකී ආහාර ග්රෑම් සියයක යකඩ මිලි ගරෑම් 3 – 4 ක් අතර ප්‍රමාණයක් තිබෙන අතර, පීගුතු ග්රෑම් සියයක යකඩ මිලි ගරෑම් 6.5 ක් පමණ අන්තර්ගත වෙයි. ලොව ආහාර අතුරින් යකඩ පධාර්ථය අධිකම ආහාරය ලෙස පෝෂණ විද්‍යාඥයින්ගේ සැලකුම් ලැබ ඇත්තේ සාමාන්‍යයෙන් මිළ අධික උෂ්ණ ආහාරයක් ලෙස සැලකෙන බෙල්ලන් ය. මට්ටියා නැමති බෙල්ලන් විශේෂයේ ග්රෑම් සියයක යකඩ මිලි ග්රෑම් 28 ක් තිබෙන අතර එය සාමාන්‍ය ගර්භනී ස්ත්‍රියකට දෛනිකව අවශ්‍ය වන යකඩ ප්‍රමාණයට සමාන වෙයි. (දෛනිකව පිරිමියෙකුට යකඩ මිලි ග්රෑම් 8ක් ද, ස්ත්‍රියකට මිලි ග්රෑම් 18 ක් ද ගර්භනී මවකට යකඩ මිලි ගරෑම් 27 ක් පමණද අවැසි වෙයි. )

එහෙත්, නවතම සොයා ගැනීම්වලට අනුව කෙසෙල් මල් ග්රෑම් සියයක යකඩ මිලිග්රෑම් 56.4 ක් තිබෙන බව සොයා ගෙන ඇත. වෙනත් ආකාරයකට පැවසුවහොත්, දෛනිකව ගර්භණී මවකට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීමට ආහාරයට ගත යුත්තේ කෙසෙල් මල් ග්රෑම් 50 ක් පමණකි.

ලොව වැඩියෙන්ම තඹ අන්තර්ගත ආහාරය.

 

කෙසෙල් මුහ

සාමාන්‍යයෙන් තඹ ඛණිජ ලවනය සුලභම ආහාර ලෙස සැලකෙන්නේ, කකුලුවන්, බෙල්ලන් වැනි ආහාරයන්ය. මේවා ග්රෑම් 100ක තඹ මිලි ග්රෑම් 3 – 4 ක් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර, තල ඇට වල මිලි ගරෑම් 2.5 ක් ද, කජු මද ග්රෑම් 100ක තඹ මිලි ග්රෑම් 2.2 ක් පමණ ද අඩංගු වෙයි.

වැඩිහිටි පිරිමියෙකු සඳහා දෛනිකව තඹ මිලි ග්රෑම් 0.9 ක් පමණ අවශ්‍ය වන අතර, තඹ ,මිනිස් සිරුරේ අස්ථි හා සම්බන්ධක පටක නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සහ රතු රුධිර සෛල සෑදීම සඳහා ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජයක් වෙයි. තඹ ඌණතාවය නිසාවෙන්, අස්ථි දුර්වල වීම, සන්ධි වේදනාව, විටමින් බී 12 ඌණතාවය, යකඩ ඌණතාවය සහ රක්තහීනතාවය ඇති විය හැක.

තවද දියවැඩියා රෝගය සඳහා ද තඹ උණතාවය බලපාන්න පිළිවන. තඹ සාමාන්‍යයෙන් අප එදිනෙදා ලබා ගන්නා ආහාර වර්ග කිහිපයකම අන්තර්ගත වන අතර, කෙසෙල් මල් ග්රෑම් 100 ක තඹ මිලි ග්රෑම් 13 ක් අඩංගු වන අතර, මෙම ප්‍රමාණය, අප මුලින් කථා කළ තඹ සුලභවම අන්තර්ගතවන ආහාර වල උපරිම අන්තර්ගත වන ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයකටත් වඩා වැඩි වෙයි. තඹ අධිකව ශරීරයට ලබා ගැනීම අතුරු ආබාධ සදහාද හේතු වන බැවින්, දිනපතා ආහාරයට කෙසෙල් මල් සුදුසු නොවන බව ද මේ අනුව අවධාරණය කළ යුතුව ඇත.

ඛණිජ ලවණ සඳහා විශේෂ මූලාශ්‍රයක්

මෙයට අමතර කෙසෙල් මල් පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් යන කණිජ ලවන වර්ග සඳහා සුවිශේෂි මුලාශ්‍රයක් ලෙස ද සැලකිය හැකිය. කෙසෙල් මල් වල අන්තර්ගත තවත් සුවිශේෂි පෝෂණ ගුණයක් වන්නේ මෙහි සුලභව ආහාරමය කෙඳි අඩංගු වීමය. ආහාරමය කෙඳි ආහාර ජීර්ණ පද්ධතියේ මනා පැවැත්ම සහතික කිරීමට සුවිශේෂි දායකත්වයක් දරයි. තවද ආහාරමය කෙඳි කොලෙස්ටරෝල් සහ සීනි පාලයටත් තරබාරුව පාලනය කර ගැනීමටත් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. කෙසෙල් මල් විටමින් සී, ඒ, සහ විටමින් ඊ යන ශරීරයට හානි කරන විනාශකාරි නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමට ද ඉවහල් වන ප්‍රතිඔක්සිකාරක ලෙස ද ක්‍රියාත්මක වෙන විටමින් වර්ග වලට ද හොඳ මුලාශ්‍රයකි. මෙයට අමතරව කෙසෙල් මල් හොඳ ප්‍රෝටීන් මුලාශ්‍රයක් ද වේ. මේ අනුව කෙසෙල් මල් වනාහි බාල මහලු තරුණ ගර්භණී කාහටත් වැදගත් වන සුවිශේෂී පෝෂණ ගුණ සම්භාරයක් අන්තර්ගත ආහාරයක් ලෙස සැලකිය හැකිය. https://www.stylecraze.com/articles/amazing-health-benefits-of-banana-flowers/#gref

කෙසෙල් මුහ ව්‍යාංජනය පිළියෙළ කරමින්..

කෙසෙල් මලේ විෂබීජනාශක ගුණය.

කෙසෙල් මල් ආසාදනවලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට වන පර්යේෂණාත්මක සාක්ෂි තිබේ. කෙසෙල් මල ව්‍යාධිජනක බැක්ටීරියා වර්ධනය වළක්වන බවත්, බැසිලස් සබ්ටිලිස්, බැසිලස් සීරියස් සහ එස්චරීචියා කෝලයි (Bacillus subtilis, Bacillus cereus and Escherichia coli) යන ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග විනාශ කරන බවත් සොයා ගෙන තිබෙ. කෙසෙල් මල තුවාල සුව කිරීමට උපකාරී වන බවත්, කෙසෙල් මල් සාරය මගින් මැලේරියා පරපෝෂිතයාගේ වර්ධනය වළක්වා ගත හැකි බවත් ඇතැම් අධ්‍යයන මගින් සොයා ගෙන ඇත.
https://www.researchgate.net/publication/216363416_Concentration_influence_on_antimicrobial_activity_of_banana_blossom_extract-incorporated_chitosan-polyethylene_glycol_CS-PEG_blended_film

කෙසෙල් මලේ දියවැඩියා නාශක ගුණය.

මෑත කාලීනව විද්‍යාඥයින්ගේ අවධානය වැඩිපුරම යොමු වී ඇත්තේ කෙසෙල් මල සතු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ ගුණය පිළිබඳවය. මේ පිළිබද පර්යේෂණ කිහිපයක්ම සිදු කෙරී ඇති අතර, ඒ සියලු පර්යේෂණවල ප්‍රතිඵල බලාපොරොත්තු ඇති කරවන සුලු වෙයි. ඉන්දියාවේ මයිසූර් හී මධ්‍යම ආහාර තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධ ජෛව රසායන හා පෝෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් පිරිසක් සිදු කර තිබෙන පර්යේෂණයකට අනුව, කෙසෙල් මල මෙන්ම කෙසෙල් ගසේ බොඩය ද දියවැඩියා රෝගය සහ තරබාරුව පාලනය කිරීම සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාත්මක වන බව සොයා ගෙන තිබේ. https://www.ncbi.nlm.nih.gov/pubmed/21476022

අකලට වියපත් වීම වළක්වයි.

ශරීරය තුළ නිදහස් මුක්ථ ඛණ්ඩක ඇති වීම බරපතල සෞඛ්‍ය ගැටලු සඳහා හේතු වේ. වාසනාවකට මෙන්, එම මුක්ථ ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක කෙසෙල් මලෙහි යහමින් තිබෙන බව සොයා ගෙන තිබේ. මේ අනුව අකලට වියපත් වීම, ස්නායු ආබාධ, හදවත් රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු රැසකට පිළියමක් ලෙස කෙසෙල් මල් භාවිත කළ හැකි වෙයි.
https://www.ripublication.com/ijafst16/ijafstv7n1_03.pdf 

කාංසාව අඩු කරයි.

කෙසෙල් මල් තුළ සුලභව අන්තර්ගතවන ප්‍රතිඔක්සිකාරකවල ක්‍රියාකාරිත්වය සහ විශේෂයෙන් එහි සුලභව අන්තර්ගතවෙන මැග්නීසියම් නිසාවෙන් කෙසෙල් මල් කාංසාව සහ මානසික අවපීඩනය අඩු කොට, මනෝභාවය වැඩි දියුණු කිරීම සදහා අතුරු ආබාධවලින් තොර ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බව ද සොයා ගෙන තිබෙනවා.

ඔසප් රුධිර වහනය අඩු කරයි.

ඔසප් වීමේ දී ඇතැම් කාන්තාවන්ට අධික වේදනා ගෙන දෙන අතර ඇතැම් කාන්තාවන්ට අධික ලෙස ඔසප් සමග රුධිරය වහනය වෙයි. පිසූ කෙසෙල් මල් වැංජන හැන්දක් ඔබේ බත් පතට බොදා ගැනීම මේ සඳහා විශ්මිත ප්‍රතිඵල ලැබිය හැකි ප්‍රතිකාරයක් විය හැකිය. යෝගට් සමඟ පිසූ කෙසෙල් මල් ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ද වැඩි කරන අතර ලේ ගැලීම් ද අඩු කරන බව සොයා ගෙන තිබේ.
කිරි දෙන සහ ගර්භනී මව්වරුන්ට ඉතාමත් ගුණයි.

කෙසෙල් මල් ගර්භනී සහ කිරි දෙන මවකට වස විසවලින් අවම උසස් පෝෂ්‍ය පධාර්ථ ලබා දෙන බවට සහතික කරන ලාබදායි සහ විශ්වාසවන්තම ආහාරයක් බව පැහැදිලි වෙයි. ගර්භනී සමයේ දී ඇතැම් මවුවරුන්ට දියවැඩියා රෝගය වැළදීමේ අවදානමක් තිබෙන බැවින්, එවැනි අවදානමක් මග හරවා ගැනීම සදහා ද කෙසෙල් මල් ආහාරයට ගැනීම වැදගත්වේ. එමෙන්ම උදෑසන ඔක්කාරය සමනය කිරීමේ ගුණයක් ද කෙසෙල් මල්වල ඇත. තව ද මළ බද්ධය වළක්වන ආහාරයක් ද වන බැවින් ගර්භනී මවුවරුන්ගේ ආහාර වට්ටෝරුවේ සතියකට දෙතුන් වේලක්වත් කෙසෙල් මල් අන්තර්ගත වීම බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා හේතු වේ. මව්කිරි දීමේදී විශේෂයෙන් නවක මව්වරුන් බොහෝ ගැටලුවලට මුහුණ දෙයි. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ කිරි සැපයුම අඩු වීමයි. කෙසෙල් මල් කිරි සැපයුම වැඩි කරන අතර, නව මව්වරුන්ට තම ළදරුවන් වඩා හොඳින් පෝෂණය කිරීමට උපකාරී විය හැකිය.

කෙසෙල්මුහ ව්‍යාංජනය…

පාරම්පරික සිංහල වෙදකමේ කෙසෙල් මල භාවිත කළ හැටි

කෙසෙල් මලේ ගුණය පිළිබදව සොයා බැලීමේදී පාරම්පරික සිංහල වෙදකමෙහි කෙසෙල් මල්, විශේෂයෙන් අළු කෙසෙල් මල් භාවිතයට ගෙන ඇති ආකාරය ද සදහන් කළ යුතුව ඇත.
“සිසිල් ගුණැති කෙසෙල් අලය හිසකෙස්වලට ද ඉතාම හිතකර වේ. දේහ බලය වඩාලයි. අම්ල පිත්ත දැවිලි රෝග නසාලයි කුසගිනි උපදවයි. කෙසෙල් මල් බර ආහාරයක් වන අතර මල බද්ධය නැති කරවයි. කුස ගිනි ද වඩවාලයි. වාත රෝගය හා පණු රෝග නසාලයි. ධාතු පෝෂණය කරන අතර රක්තපිත හා ලේ ගැලීම් ද නසාලයි. ” ආයුර්වේදයෙහි කෙසෙල් මල්වල ගුණය පිළිබඳව එසේ සදහන් වෙයි.

කෙසෙල් මල බිය වීමට තරම් කිසිදු අතුරු ආබාධයක් නොමැති ආහාරයක් වෙයි. එසේ වුවද ඕනෑවට වඩා ඕනෑම ආහාරයක් ඕනෑ නැත යන න්‍යයාය පිළිපැදීම වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. රෝග මර්දන ඖෂධයක් ලෙස කෙසෙල් මල නිර්දේශ කිරීම සදහා තව දුරටත් පර්යේෂණ සිදු කළ යුතුව තිබෙන මුත්, ඉහත රෝග වලින් පෙළෙන උදවිය සහ එම රෝග වලින් වැළකීම සඳහා කටයුතු කරන උදවියගේ මෙන්ම වස විසවලින් අවම ආහාර සහ ලාබදායික ලෙස පෝෂණය පතන සබුද්ධික පාරිභෝගිකයින්ගේ ආහාර වට්ටෝරුවේ ප්‍රමුඛතාවය ලැබිය යුතු ආහාරයක් ලෙසට කෙහෙල් මල නිර්දේශය කළ හැකි බවනම් මෙහිලා සඳහන් කළ යුතුය.
–

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

15 වැනි කොවිඩ මරණයත් වාර්තා වේ…

Next Post

තුන්වන රැල්ල බාර් වලින් එන්න නියමිතයි… රට තවත් අනතුරේ නොදා බාර් වහන්න..

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.