මේ වනවිට ආරම්භ වී ඇති ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය නැරඹීට පැමිණ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුළුවිය නොහැකිව දහස් ගණනක ක්‍රීඩා ලෝලීහු පිරිසක් ක්‍රීඩාපිටියේ දොරටුව අසල රැස් කමින් සිටිති.
තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී හමාර බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට දෙදිනකට පෙර ප්‍රකාශ කර තිබිණි.
එසේ වුවත් ක්‍රීඩාංගනය තුළට ඇතුළුවිය නොහැකි වී සිටින විශාල ප්‍රේක්ෂක පරිසක් තරමක නොසනසුන්කාරීව හැසිරෙන ආකාරය වාර්තා වේ.
මෙම තරගය රටතුළ පැවැත්වෙන්නේ විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකය. පස්වරුවේ සිට පැමිණි ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙක් පැවසුවේ වසර ගණනකට පසු පැමිණි මෙම අවස්ථාව මනස වෙනස් කරගැනීමට ඉතාම සුදුසු අවස්ථාවක් බවය.







