ඉන්දියානු ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් වටිනා ආධාර තොගය ශ්‍රී ලංකා රජයට බාර දීම ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් අද ( 22 ) දින සිදු කරන ලදී.
රුපියල් බිලියන 2 ක වටිනාකමකින් යුත් ඉන්දීය ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 9,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 25 ක් මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් අද දින කොළඹ වරායේදී ශ්‍රි ලංකා රජයට ලබා දෙන ලදි.
මෙම ආධාර තොගය 2022 මැයි මස 18 වනදා තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් චෙන්නායි වරායෙන් පිටත් කෙරුණි. මෙය තමිල්නාඩු රජය විසින් මෙරටට ලබා දීමට පොරොන්දු වී ඇති සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්, කිරිපිටි හා අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 500 කින් යුත් භාණ්ඩ ගිවිසුමක පළවැනි අදියරය. තමිල්නාඩු රජය මෙම ආධාර එවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාවට සහ වතුකරයේ ජනතාවටය.
මෙම තොගයේ මුළු වටිනාකම රුපියල් බිලියන 5.5 කි.
ඉන්දීය රජය විසින්ද ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක මූල්‍යමය ආධාර මෙම වසරේ ජනවාරි මස සිට ශ්‍රී ලංකාවට ලබා දී ඇත.







