සූරියවැව නුවන් ජයසේකර
සෙවනගල සිනි ආයතනයේ සේවකයන් සදහා 2023 වසරට අදාලව ගෙවිය යුතු ලාභාංශ මෙතෙක් ගෙවා නොමැති වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෙවනගල සිනි ආයතනයේ සේවකයන් මේ වන විට සම්පූර්ණයෙන්ම උක් ඇඹරීමේ කටයුතු වලින් ඉවත්ව ඇති බවත්,සේවකයන් සදහා සාධාරණයක් ඉටුවනතෙක් යළි උක් ඇඹරීම සිදු නොකරන බවත් ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ටී.එල්.වික්ටර් මහතා ඊයේ (08) පෙරවරුවේ පැවසීය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
සෙවනගල සීනි ආයතයේ සේවකයන් සදහා පවතින ගැටළු හා ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාවක් ඉල්ලුවත් මේ වනතුරුත් ඒ සදහා බළධාරීන් නිසි ප්‍රතිචාරයක් දක්වලා නෑ.පසුගිය 07 වන දින අමාත්‍ය වරයා සමග සාකච්ජාවත් සදහා සූදානමක් තිබුණත් මේ වන විට සිනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී කැළුම් ප්‍රියන්කර මහතා විදෙස් ගතව සිටින බැවින් ඔහු ලංකාවට පැමිණී වහාම බලහත්කාරයෙන් හෝ උක් ඇඹරීම සිදුකරන බවත් සේවකයන් සමග සාකච්ජා අනවශ්‍ය බවත් පවසා තිබුණා.ඒ අනුව අමාත්‍ය වරයා සමග පැවැත්විමට ගිව සාකච්ජාවත් නැවතුණා.
සේවකයන් ලෙස අපි ඉල්ලන්නේ අපිට හිමි ලාභාංශය අපිට දෙන්න කියලා විතරයි.එහෙම නැතිව සෙවනගල සීනි ආයතනය අපේ නමට ලියලා දෙන්න කියලා නෙමෙයි අපි ඉල්ලන්නේ.සෙවනගල සිනි ආයතනයේ ගිවිසුම තුළ තියෙන්නේ මෙම ආයතනයෙ වාර්ෂික ලාභයෙන් 15%ක් සේවකයන්ටත්,15%ක් ගොවියන්ටත්,30%ක් මහාභාණ්ඩාගාරයටත් හා 40%ක් ආයතනයටත් හිමි විය යුතුයි කියලා.පසුගිය 2023 වසර තුළ පමණක් සෙවනගල සිනි ආයතනය මිලියන 1600ක ලාභයක් ලබලා තියෙනවා.ඒ අනුව බැළුවම ලාභාංශ බෙදීමේදී එක් සේවකයෙකුට රුපියල් ලක්ෂ 02කට ආසන්න මුදලක් ලැබිය යුතුයි.නමුත් අපි ඉල්ලන්නේ අඩුම සේවකයෙකුට රුපියල් ලක්ෂ එක හමාර බැගින් හෝ ලබා දිමට කටයුතු කරන්න කියලයි.දැන් සිනි කිලෝ එකක් තොග වශයෙන් දෙන්නේ රුපියල් 280කට වගේ.සිනි රුපියල් 180ට දෙන කාලෙත් අපිට එවැනි ලාභයක් බෙදා දිම සිදුකලා.දැන් මේ වෙලාවේ වැඩි ලාභයක් ලබලා තියෙද්දිත් සෙවනගල සිනි ආයතනයේ පාලනාධිකාරිය සේවකයන්ට හිමි ලාභාංශය නොදි රුපියල් 40,000ක් දිලා අතපිහදාගන්න හදනවා.මේක දැඩි අසාධාරණයක්.අඩුම තරමේ ගොවියට ලැබිය යුතු 15%වත් දිමට මේ පාලනාධිකාරිය කටයුතු කර නෑ.මේ නිසා අපි අපිට ලැබිය යුතු ලාභාංශය ලැබෙනතෙක් උක් ඇඹරීම සිදුකරන්නේ නෑ.සිනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී කැළුම් ප්‍රියංකර මහතා මේ වෙලාවේ ඉන්නේ විදෙස්ගත වෙලා. ඔහු ලංකාවට ඇවිත් බලෙන් හෝ උක් ඇඹරීම කරනවා කිව්වා. අපි එතුමටත් කියනවා පුළුවන් නම් බලෙන් උක් අඹරන්න එන්න කියලා යැයි පැවසීය.
සෙවනගල සේවකයන් උක් ඇඹරීම නවතා දැමිම හේතුවෙන් මේ වන විට උක් ගොවීන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ගොවීන් චෝදනා කරති.ගොවින් පවසන්නේ අස්වනු නෙලන ලද උක් ටොන් 5000ක් පමණ මේ වන විට තැන තැන වේලෙමින් පවතින බවත් එය දැරිය නොහැකි පාඩුවක් බවත්ය.මේ නිසා සෙවනගල සීනි ආයතනයේ පානාධිකාරිය මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ගොවීන් අපි සියළු දෙනා එක්ව උක් අස්වනු නෙලීහම නවතා අතහැර දමන බවයි.