ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට ජපානය පාර්ශවයෙන් සහාය ලබා දීමට සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජපාන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකර ඇති අතර, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පැවැත්වූ සාකච්ඡාවටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලැබී තිබේ.
කෙසේවෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමිවිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
එමෙන්ම, මෙම සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දිය යුතු බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර, අනෙකුත් ණය හිමි රාජ්‍යවල සහයෝගය ද මේ සඳහා ලබා ගැනීම ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතුව ඇති බව ද පෙන්වා දී තිබේ.
එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අවධාරණය කර ඇත.







