බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන කොවැක්ස් සංවිධානය විසින් දෙසැම්බර් 07 වන දිනට පෙර කෝවිඩ් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නත් වත්මන් ආණ්ඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියා කරමින් සිටින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දැනටමත් දුගී යැයි හඳුනාගත් රටවල් 90 කට ආසන්න ප්‍රමාණයකට කෝවිඩ් එන්නත නොමිලේ ලබාදීමේ කටයුතු සිදුකරගෙන යමින් සිටින බව අපේ වෛද්‍ය විශේෂඥයින් විසින් ද තහවුරු කර තිබෙන නමුත් මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කිසිදු උනන්දුවක් නොදක්වන බවද චම්පික රණවක මහතා සඳහන් කරයි.

කෝව්ඩ් අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

“කෝවිඩ් වසංගතය සඳහා දැනට ලෝකය පුරා 200 කට ආසන්න එන්නත් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙයින් එන්නත් ගණනාවක් දැන් පර්යේෂණ මට්ටමෙන් ඔබ්බට ගොස් රටවල් සඳහා ලබාදෙමින් ඉන්නවා. ඒවාට ජාත්‍යන්තර අනුමැතිය, ප්‍රමිතිය හා සහතිකය ලැබිල තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ධම්මික පැණිය පිටිපස්සෙ, එහෙමත් නැත්නම් ගංජ පැණිය පිටිපස්සෙ දුවයමින් ජනතාව මුලා කරමින් හිටපු අයට දැන් ඒවයෙ බොරුව වංචාව ඒ පුද්ගලයින්ගේ තත්ත්වය හෙළිදරව් වෙලා තියෙනවා. මේව මේ, කොරෝනා ගරා යක්කු ටික දේශීය හෙළ වෙදකමට කරපු සහගහන අපරාධ. එහෙම තියෙද්දිත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු එන්නත් ආණ්ඩුව ලබානොගැනීමට ක්‍රියා කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අපට වඩා විශාල අපට වඩා කීප ගුණයක් ජනගහනය ඉන්න ඉන්දුනීසියාව ඩොලර් 1.64 කට එක එන්නතක් (ඇස්ට්‍රා සෙනෙකා එන්නත (AZ)) ලබාගැනීමට කටයුතු කරනව කියල අපි දැක්ක. ගබඩා කිරීමේ කටයුතුත් එක්ක මේක ඩොලර් 2 කට අපට ලබාගන්න පුළුවන් කියල අපේ විද්‍යාඥයෝ, මේ පිළිබඳ විශේෂඥයෝ පළකරල තියෙන අදහස්වලින් පේනවා. ඒතකොට අපිට මේ මුළු රටේම මිලියන 20 ක් වෙච්ච ජනතාවට මේක ලබාදෙන්න යන්නෙ ඩොලර් මිලියන 40 යි. ඒ කියන්නේ රුපියල් මිලියන 8000 ක් පමණ. අර විල්මා සීනි ගණුදෙනුව හරහා අපේ ජනතාවගේ කහට කෝප්පෙන් ගහපු ගාණ ඊට වඩා වැඩියි.

මහ බැංකු වංචාව වගේ දහගුණයක මංකොල්ලයක් මේ සීනියි පොල්තෙලුයි ගණුදෙනුවෙන් ගහල තියෙනවා. ඒ අතරේ ලෝක බැංකුවෙන් ණය ඉල්ලනවා එන්නත ගන්න.

එමෙන්ම අපිට වාර්තා වෙනවා වත්මන් ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ කොවැක්ස් සංවිධානය මගඇරල කෝවිඩ් එන්නත රුසියාවෙන් හෝ චීනයෙන් ලබාගන්න කටයුතු කරමින් සිටින බව. රුසියාවේ හා චීනයේ එන්නත්වල ප්‍රමිතිය සමහර විට ජාත්‍යන්තරව සහතික වෙලා තියෙන්න පුළුවන්.

නමුත් අපිට අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි තැනකින් ජාත්‍යන්තර සහතිකයක් මේව ලබාගන්න. නැත්නම් මේවත් ධම්මික පැණිය වගේ වෙන්න පුළුවන්. ඇන්ටිජන් වංචාව වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සැනිටයිසර් වංචාව වගේ වෙන්න පුළුවන්.
අද වන විට කොරෝනා ගරානා යකා දිගටම ආවේශවී නටාගෙන යනවා. අහිංසක ජනතාව කෝටි දෙකක් කොරෝනා වසංගතයෙන් දුක් විඳිද්දි අපගේ විදේශ රටවල ජීවත්වන ජනතාව ලක්ෂ තුනක් පමණ මව්බිමට එන්න ක්‍රමයක් නැතිව මහපාරවල් වල දහදුක් විඳිද්දි කොරෝනා ගරානා යකා ආණ්ඩුවේ නායකයින්ගේ සරණින් ප්‍රකෝටි ගණන් සල්ලි උපයන්න කටයුතු කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් වාර්තාව වූ දරුණුම ප්‍රභේදයයි.. 

Next Post

ලංකා මුහුදු තීරයේ කෙරෙන ඉන්දීය ධීවරයන්ගේ ධීවර කොල්ලයට වැට බඳින්න…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.