පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ පාලන මිල ඉවත් කිරීම හෝ ඖෂධ මිල 15% කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මෙම ඉල්ලීමට හේතුවී ඇත්තේ ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් නොමැති බව වාණිජ බැංකු ප්‍රකාශ කිරීම ය.
2021 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඖෂධ මිල 9%කින් ඉහළ දැමිණ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සැපයීම හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දෙන ලදී.
ඒ වන විට ඇමෙරිකානු ඩොලරය පැවතියේ රුපියල් 176ක අගයක ය.
මේ වන විට අමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 230 ඉක්මවා ඇත.
අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවේ පැරසිටමෝල් පෙති නිපදවීමද අඩාළ වී ඇතැයි සඳහන් වේ.
පැරසිටමෝල් පෙත්තක පාලන මිල රුපියල් 1.59 කි.
අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා එම පාලන මිලට පැරසිටමෝල් නිපදවිය නොහැකි බව සමාගම් විසින් පෙන්වා දෙති.
පවතින තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ඖෂධ සැපයීම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළද මෙතෙක් විසඳුමක් නොලද බව ආනයනකරුවෝ චෝදනා කරති.