බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් අර්බුදය විසඳන්න ධම්මික පෙරේරා යෝජනා 7ක් ගෙනෙයි

by Lanka Sara Editor
ජනවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • සුපිරි විදේශ විශ්ව විද්‍යාල 5ක්
  • සිංගප්පූරුවේ වගේ රෝහල් දෙකක්
  •  “බජට් එයාර් ලයින් පෙළක්“
  • පොල් ගසින් ඩොලර්

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙළේ ව්‍යාපාර නායකයකු වන ධම්මික පෙරේරා මහතා පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ රටේ විදේශ සංචිත වාර්ෂිකව බිලියන 11කින් පමණ ඉහළ නැංවීම සඳහා යෝජනා හතක් ඉදිරිපත් කරයි.

එසේම ඔහු පෙන්වා දෙන්නේ රජය මේ අතර් ජාත්‍යන්තර මූල්‍ය අරසමුදල සමඟද කොද්දේසි දෙක්ක මත සාකචචා ආරම්භ කළ ුතු බ බවය. එනම් ශ්‍රි ලංකාවේ නව ආයෝජනවලට බදු සහන ලබා දදිය යුතු වීම සහ රුපියලේ අගය කළමනාකරණය කරන ද ලද ත්තවයක් යටතේ පා කිරීම යන කොන්දේසි දෙක ඔහු ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි.

ධම්මික පෙරේරා ඩොලර් සංචිත වර්ධනයට ඉදිරිපත් කරන යෝජනා හත මෙසේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

1. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ ජාත්‍යන්තර පිළිගත් සහ ශ්‍රේණිගත විශ්ව විද්‍යාල පහක් සමඟ උසස් අධ්‍යාපන කලාපයක් පිහිටුවීම.

ඔහු පවසන පරිදි වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් 25,000ක් අධ්‍යාපනය සඳහා විදේශගත වන අතර සෑම සිසුවෙකුටම වසරකට ඩොලර් 30,000ක් වැය වන අතර එමඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 750ක් සහ ඔවුන් සහ ඔවුන්ගේ දෙවන සහ තෙවන වසර සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 2.25ක් සාමූහිකව පිටතට ගලායාමක් සිදුවේ. “විශ්වවිද්‍යාල පහක් පිහිටුවීමේ යෝජනාව මගින් ලාංකීය සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධියක්ද ලැබෙන අතරේ මෙම මුදල රඳවා ගත හැකිය. එවැනි වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට දකුණු ආසියාවේ සිසුන් ද ආකර්ශනය කර ගන්නා අතර එමඟින් වසරකට ඩොලර් බිලියන 2.2 ක ගලා ඒමක් නිශ්චිතව ලබා ගත හැකි බව ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙයි.

2. තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල් ක්‍රියාත්මක නරන ආකාරයේ අඩු වියදම් ගුවන් සේවා රට තුළට ගෙන්වා ගැනීම මගින් සංචාරක පැමිණීම් ඉහළ නැංවීම ඔහුගේ දෙවන යෝජනාවයි. . අඩුවියදම් ගුවන් සේවා මෙහෙයවන්නන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙසද කොළඹ ස්ථානගත කළ හැකි බව පවසන මෙම ව්‍යාපාර නායකයා මෙම පියවරෙන් ඩොලර් බිලියන 2 ක අමතර විදේශ විනිමය ඉපැයීමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරයි.

3. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තොරතුරු තාක්ෂණ, මෘදුකාංග ඉංජිනේරු සහ ක්‍රමලේඛන සුදුසුකම් සඳහා ඇති ඉල්ලුම ලිහිල් කිරීම සඳහා, පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ආයතනවලට ඔවුන්ගේ බඳවා ගැනීම් වැඩි කිරීමට ඉඩ දීම. මෙම සිසුන් සෑම මාස හයකට වරක් රාජ්‍ය විශ්ව විද්‍යාලවල විභාගවලට භාජනය කළ යුතු වන අතර මෙම මුලපිරීම මඟින් වසර පහක් තුළ තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලත් සිසුන් 200,000 ක් සහ රැකියා අවස්ථා බිහි කළ හැකි බව ධම්මික පෙරො මහතකාගේ විශ්වාසයයි.තොරතුරු තාක්සණ සේවාවලින් අපනයන ආදායම වර්තමාන ඩොලර් බිලියන 1 සිට ඩොලර් බිලියන 2 කින් ඉහළ නැංවිය හැකි බව ඔහු පවසයි.

4. ඩොලර් සංචිත ඉහළ නැංවීම සඳහා ධම්මික යෝජනා කරන ලද තවත් වැඩසටහනක් වූයේ පොල් ක්ෂේත්‍රය පුළුල් කිරීමයි. දැනට පවතින පැළ ලක්ෂ 15 සිට නව වගාව වාර්ෂිකව තවත් මිලියන හතරකින් වැඩි කිරීමෙන් පොල් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහතික වන බව ඔහු පැවසීය. “මෙම මුලපිරීම හරහා වසර පහක් ඇතුළත රට තුළ පැළ මිලියන 20 ක් සිටුවා අමතර ගෙඩි බිලියන 1.2 ක් ලබා ගැනීමට හැකි වනු ඇත, එමඟින් වසර පහක් තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 600 කින් ඉහළ නැංවීමට පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත අපේක්ෂාවන් ඉහළ නංවනු ඇතැයි ඔහු පවසයි.

5. ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම ධම්මිකගේ තවත් යෝජනාවකි. ජාත්‍යන්තර ප්‍රතීතනය සහිත තවත් ජාත්‍යන්තර මට්ටමේ රෝහල් දෙකක් ඇති කර විදේශීය රෝගීන්ගෙන් ඩොලර් මිලියන 100 ක ආදායමක් ලබා ගැනීමට මෙන්ම විදේශයන්හි සෞඛ්‍ය සේවා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වැය කරන ඩොලර් මිලියන 100 ක් ඉතිරි කර ගැනීමට රජයට හැකි බව ඔහු පැවසීය.

6. ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් පුළුල් ලෙස භාවිතා කිරීම, රටට තවත් ඩොලර් බිලියනයකින් විදේශ විනිමය ඉපයිය හැකි බව ධම්මික විශ්වාස කරන තවත් යෝජනාවකි. බෝට්ටු භාවිතය දෙගුණ කිරීම සහ මධ්‍යම පරිමාණයේ සිට කුඩා පරිමාණයේ ධීවරයන්ට චන්ද්‍රිකා සහ ජීපීඑස් තාක්ෂණය සහ උපකරණ ලබා දීමෙන් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම ප්‍රවර්ධනය කළ හැකි බව ඔහු පැවසීය. ඉන්දියානුවන් නාවික වර්ග කිලෝමීටරයකින් මාළු කිලෝ 20,000ක් නෙලා ගන්නා බවත් ශ්‍රී ලංකාවේ මාළු අල්ලන්නේ කිලෝ 900ක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

7. ධම්මික පෙරේරා ගේ හත්වන යෝජනාව IMF වෙත ඔහුගේ කොන්දේසිය සමඟ සම්බන්ධ වීමය. ව්‍යාපාර කිරීමේ දර්ශකයේ ඉහළ යාම සඳහා පියවර ගැනීමට අමතරව විදේශීය සහ දේශීය ව්‍යවසායන් සහ පුද්ගලයින් යන දෙඅංශයෙන්ම නව ආයෝජන සඳහා බදු සහන වැඩි දියුණු කළ යුතුය. “මෙම මුලපිරීම මගින් පමණක් ඩොලර් බිලියන 2-3 ක නව ආයෝජනයක් ලැබෙනු ඇතැයි මට විශ්වාසයි,” ධම්මික පෙරේරා මහතා පවසයි.

කෙටි කාලීන සහ මධ්‍ය කාලීන විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහිත නිශ්චිත සහ විශ්වසනීය සැලැස්මක් රජය ඉදිරිපත් කරන්නේ නම්, ගෝලීය ආයෝජකයින්, ව්‍යාපාර සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල විශ්වාසය නිසැකවම වැඩිදියුණු වනු ඇති බව ඔහු අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සල්ලිවලට ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පාලක මණ්ඩලයට එරෙහිව මඩ ව්‍යාපෘති අරඹයි!

Next Post

“ගෙවන්න එපා කිව්වත් ණය ගෙවනවා” – මහබැංකු අධිපති

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.