අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ටා මෙල්ල කරන බවට සාධක නැති එන්නත අනුමත කරන්නැයි කමිටුවට බලපෑම්

by Lanka Sara Editor
ජූලි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කිරීමේ සාර්ථකත්වය පිළිබඳව විද්‍යාත්මක දත්ත නොමැතිවීම හේතුවෙන් මේ වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නත මෙරට භාවිතය සඳහා අනුමත කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වන අතර මෙම එන්නත අනුමත කිරීම සඳහා පත්කොට ඇති විශේෂඥ මණ්ඩලයට එම එන්නත අනුමත කර දෙන ලෙස විවිධ බලපෑම් එල්ල වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

චීනයේ බීජිං නුවර ප්‍රධාන කාර්යාලය කරගත් සයිනෝවැක්- බයෝටෙක් නම් සමාගම විසින් නිපදවනු ලබන මෙම ඖෂධය මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණද එහි කොවිඩ් වෛරසයට එරෙහිව පවතින සාර්ථකත්වය 50.6%ක් බවට පර්යේෂණවලින් තහවුරුව තිබේ.

මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දුනීසියාවේ දැඩි ආන්දෝලනයක්ද නිර්මාණය වී ඇති අතර එයට හේතු වී ඇත්තේ සයිනෝවැක් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දුනීසියානු වෛද්‍යවරුන් විසි ගණනක් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 131 දෙනකු කොවිඩ් ආසාදනයෙන් මිය යාමය.

කෙසේ වුවද මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැත කර ඇති පසුබිමක් තුළ කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන ඖෂධයක් ලෙස ඇතැම් රටවල් භාවිත කිරීමට පෙලඹී තිබේ. එසේ වුවද දැනට වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය හමුවේ මෙම එන්නත කෙතරම් දුරට සාර්ථකද යන්න විමසීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් එන්නත් අනුමත කිරීමට පෙර සිදු කළ යුතු ඇගයීම් සඳහා පත් කරන විශේෂඥ කමිටුව අදාළ නිෂ්පාදකයාගෙන් සහ එම සමාගමේ දේශීය නියෝජිත සමාගමෙන් දත්ත ඉල්ලා ඇති අතර ඔවුන් ඒ සම්බන්ධ ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත තවමත් නොමැති බව දන්වා ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවැනි පසුබිමක් තුළ එන්නත භාවිතයට සුදුසු බවට වාර්තාවක් ලබා දීමට එම විශේෂඥයන් කටයුතු කර නොමැති බව වාර්තා වේ. එසේ වුවද මෙම ක්‍රියාවලියට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු හැකි ඉක්මනින් මෙම එන්නත අනුමත කිරීමට අදාල පියවර ගන්නා ලෙස අදාල කමිටුව වෙත බලපෑම් කරමින් සිටින බව සඳහන් වේ.

දැනට විද්‍යාත්මක දත්ත පවතින එන්නත් වර්ගවලින් මාත්‍රා සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති සහ නුදුරේදී පැමිණීමට නියමිත තත්ත්වයක් තුළ තවමත් නව ප්‍රභේදවලට එරෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විද්‍යාත්මක දත්ත නොමැති එන්නතක් හදිසියේ ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.

මේ වනවිට ශ්‍රි ලංකාවට කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනිකා) , සයිනෝෆාම්, ස්පුට්නික්, ෆයිසර් එන්නත්වලින් මාත්‍රා මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර ලබන 14 වැනිදා තවත් ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.4ක්ද කොවැක්ස් පහසුකම හරහා තවත් මාත්‍රා 264,000ක්ද මොඩර්නා එන්නත් මිලියනයක්, ෆයිසර් 278,000ක් සයිනෝෆාම් මිලියන 2ක් වශයෙන් එන්නත පැමිණීමට නියමිතය.

සයිනෝවැක් එන්නත් දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහාද මේ වනවිට අදාළ සමාගමේ දේශීය නියෝජිත සමාගම ගිවිසුම්ගත වී ඇති අතර ඒ අනුව ශ්‍රි ලංකා රජය මෙම එන්නත් මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට පොරොන්දු වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති ලිහිල් කිරීමට එරෙහිව විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් 4000ක් අත්සනින් යුත් ලිපියක්

Next Post

කරුංකා වංචාවට සම්බන්ධ කෘෂිකර්මයේ නෝනලා දෙදෙනෙකු අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.