බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ නොතීසිය අත්හිටුවා නඩුව බහා තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.
එම නියෝගය නිකුත් වන්නේ ලක්ෂ 74ක මූල්‍ය වංචා සිදුවීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ වත්මන් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ මූල්‍ය අපරාධ අංශය විසින් පසුගිය 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව සත්‍ය කරුණු මත පදනම්ව ඉදිරිපත් කර නැති බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට අද දැනුම් දීමෙන් අනතුරුවය.
බී75416/01/22 නඩු අංකය යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී එම බී වාර්තාවේ ඇතුළත් කරුණුවල අසත්‍ය අසත්‍යතාවය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි සහ චක්‍රලේඛයන් අනුව ඉදිරිපත් කරන ලද සත්‍ය කරුණු ඇතුළත් බී වාර්තාවක් ද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම විමර්ශනය යළි පවරා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය ඒ අනුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
බී වාර්තාවේ ඉදිරිපත් කරන ඇති චෝදනා මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් තහවුරු වී නොමැති බැවින් අවසන් විමර්ශන වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන තෙක් අදාළ නඩුව බහා තබන ලෙසට ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලුවේය.
ඒ අනුව එම නඩුව ගොනු කළ 2022.09.05 දින මෙම සිද්ධියට අදාල විමර්ශනය බාරදීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන් ඉලංගසිංහ විසින් අල්ලස් කොමිසමට නිකුත් කළ නොතීිසිය අධිකරණය විසින් අද අත්හිටවනු ලැබුවේය.
බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් උසාවිය වෙත අද මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
වත්මන් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වී සිටිය දී නඩු භාණ්ඩ ලෙස තිබුණු ලක්ෂ 74ක මුදලක් විත්තිකරුවන්ටම ලබා දෙමින් විනිම අපරාධකරුවන් පිරිසකගේ නඩුවක් පැහැර හැරීම මුල් කරගෙන බරපතල මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 05 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම නඩුව ගොනුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා දැනටමත් එම ධූරයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා ඇත.