අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩී.අයි.ජී. රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 74 මූල්‍ය අපරාධ නඩුව අත්හිටුවයි…

බී වාර්තාව අසත්‍ය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි... අල්ලස් කොමිසමේ නොතීසිය අත්හිටුවයි....

by editor
සැප්තැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ නොතීසිය අත්හිටුවා නඩුව බහා තැබීමට කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

එම නියෝගය නිකුත් වන්නේ  ලක්ෂ 74ක මූල්‍ය වංචා සිදුවීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ වත්මන් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව  වාණිජ  අපරාධ විමර්ශන කොට්ඨාසයේ මූල්‍ය අපරාධ අංශය විසින් පසුගිය 05 වැනිදා  අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව සත්‍ය කරුණු මත පදනම්ව ඉදිරිපත් කර නැති බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට අද දැනුම් දීමෙන් අනතුරුවය.

බී75416/01/22 නඩු අංකය යටතේ  අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී එම බී  වාර්තාවේ ඇතුළත් කරුණුවල  අසත්‍ය අසත්‍යතාවය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි සහ චක්‍රලේඛයන් අනුව ඉදිරිපත් කරන ලද සත්‍ය  කරුණු ඇතුළත් බී වාර්තාවක් ද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම විමර්ශනය යළි පවරා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය  ඒ අනුව අධිකරණයෙන් ඉල්ල‍ා සිටියේය.

බී වාර්තාවේ    ඉදිරිපත් කරන ඇති චෝදනා මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් තහවුරු වී නොමැති බැවින් අවසන් විමර්ශන වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන තෙක් අදාළ නඩුව බහා තබන ලෙසට ද කොළඹ අපරාධ කොට්ඨාසය  අධිකරණයෙන් ඉල්ලුවේය.

ඒ අනුව  එම නඩුව ගොනු කළ 2022.09.05 දින    මෙම සිද්ධියට  අදාල විමර්ශනය බාරදීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස  නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන් ඉලංගසිංහ විසින් අල්ලස් කොමිසමට නිකුත් කළ නොතීිසිය අධිකරණය විසින් අද  අත්හිටවනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න  කළ ඉල්ලීමකට අනුව  පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය  විසින්  උසාවිය වෙත   අද මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

වත්මන් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වී සිටිය දී නඩු භාණ්ඩ ලෙස තිබුණු ලක්ෂ 74ක මුදලක් විත්තිකරුවන්ටම ලබා  දෙමින් විනිම අපරාධකරුවන් පිරිසකගේ නඩුවක් පැහැර හැරීම මුල් කරගෙන බරපතල මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින්  පසුගිය 05 වැනිදා    අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම නඩුව ගොනුකළ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා දැනටමත් එම ධූරයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති නිකුත් කළ අධිආරක්ෂිත කලාප ගැසට් එක රිවස්…

Next Post

ආණ්ඩුවේ ගෙවල් ඩොලර් ගෙවා මිලට ගැනීම පටන් ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.