සියලුම මාධ්‍ය ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇතැයි වාර්තා කළද මේ වනතුරු ඔහු මිය ගොස් නැති බවත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටින බවත් ජාතික රෝහලේ ආරංචි මාර්ග ලංකාසරට තහවුරු කළේය.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එක්කයේ වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බරපතල සටනක නිරතවෙමින් ඇත.
අද (22) රාත්‍රී 9.10ට පමණ වැල්ම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ ඔහුගේ නිවසට ගොස් ඔහුව වෙඩි තබා තිබිණි.
බරපතල ලෙස තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් රෝහල්ගත කර ඇත. ඔහු මේ වනවිට ඉන්නේ අතිශය බරතපතල තත්ත්වයක් තුළ ප්‍රතිකාර ගනිමිනි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙක් සුළු තුවාල ලබා ඇත.
යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකර පලා ගොස් තිබේ. ස්ද්ධිය පිළිබඳ මුලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් මිය ගොස් ඇති බවය. පසුව ඔහු සිය නිවේදනය වෙනස් කර ඩෑන් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බවට නිවේදනය නිවැරදි කළේය.
වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වයි. දේශපාලනයේ සහ විවිධ සංකීර්ණ ගුප්ත සම්බන්ධතා රාශියක් පැවැත්වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබීමට හේතුව කුමක් දැයි තවම අනාවරණයවන්නේ නැත.
ඔහුගේ සහෝදරයා මීට පෙර 2021 වසරේ දී ඔරුගොඩවත්ත ගුවන්පාලම ලඟදී කපා කොටා ඝාතනය කර තිබිණි. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







