ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා පසුගිය දා පාර්ලමේන්තුවේ කළ ඡන්ද විමසුමේ දී ඩලස් අලහප්පෙරුමට ඡන්දය පාවිච්චි කළ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 28 දෙනෙක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට වාර්තා කරයි.
මේ කණ්ඩායමේ 28 ට අමතරව ඩලස් අලහප්පෙරුමට ඡන්දය පාවිච්චි කළ 05 දෙනෙක් ඔහු සමග එක්වීමට සාකච්ඡා කිරීමට ඉදිරිපත් වී ඇත.
ඉදිරියේ දී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් නව පක්ෂයක් බිහි කිරීමට මෙම පිරිස මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් වේ.
මෙහි මූලික සාකච්ඡා මේ වනවිටත් පවත්වා අවසන් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.