බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටොන් ගණන් ටෙස්ට් ගහපු උන් බිංකුණ්ඩන් ගානට වැටුණු හැටි… ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී ගිය දුක හිතෙන ටෙස්ට් ඉනිම!

by editor
නොවැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දැන් නම් ඉන්නේ පොල්ලෙන් ගැසුවාක් සේ වික්ෂිප්තවය. සිදුවූයේ කුමක් දැයි කල්පනා කරමින් රූපවාහිනී තිරය අසලින් නැගිට ආ ගමන්ය. මොනවා හරි දෙයක් ලියන්නත් හිත හදාගන්නට බැරිය. ලකුණු 191කට දකුණු අප්‍රිකානු කණ්ඩායම මුල් ඉනිමේ දැවී යනවිට මොකක්දෝ නුහුගුණයක් පිළිබඳ කතාවක් හිත ඇතුලේ තිබුණේය. මේ තණ තීරුවේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් කුමක් කරාවි දැයි තිබූ සැකය මේ තරම් පජාත විදිහට ඇස්පනා පිට ප්‍රතිඵල ගන්වනු ඇතැයි හීනෙන්වත් හිතුවේ නැති බව ලියා තැබිය යුතුය. 190ක මුල් ඉනිමේ මූලික ඉලක්කය සොයා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 13.5ක් තුළ ලකුණු 42කට දැවී ගියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ උඩු රැවුල් කාර කෙට්ටු උස හාදයා ටොන් ගණන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර පළපුරුද්දක් ඇති ක්‍රිකට්වලටම නාකි වූ අපේ පරිනත ක්‍රීඩකයන් ද සහිත කණ්ඩායම රොකට් ගසා කුඩු කළා වැනිය. මාර්කො ජැන්සන් පන්දු ඕවර 6.5ක් තුළ එනම් පන්දු 41ක දී ලකුණු 13කට ශ්‍රි ලංකා කණඩායමේ කඩුලු 07ක් බිඳහෙළුවේය.

රොකට්් ගැසූ  උස හාදයා… මාර්කො ජැන්සන්

ටෙස්ට් තරගයක ලකුණු 190ක් ලබා ගත් පසුත් දෙවැනි ඉනිමක් ලකුණු 149ක අන්තරයක් සමග ආරම්භ කිරීම කියන්නේත් ලෝක වාර්තාවක් වැනි වැඩකි. දැන් ඒ වැඩේ යන්නේය. දකුනු අප්‍රකිානු කණ්ඩායම ඉතාම ස්ථාවර ලෙස මේ වනවිට සිය දෙවැනි ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටින්නේය. දෙවැනි ඉනිමේ අපේ ඉලක්කය මේ වනවිට 225ක් ඉක්මවා ඇත. ජයග්‍රහණය හූවක දුරින් පෙනුනත් දැන්නම් එය අනන්තටයෙනුත් ටිකක් එපිටට තල්ලුවී ඇති ගානය.

මේ ශ්‍රි ලංකා කණ්ඩායම ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී ගිය අවස්ථාවය. ටෙස්ට් තරගයක දී දකුණු අප්‍රිකාවට එරෙහිව අඩුම ලකුණු සංඛ්‍යාවට කණ්ඩායමක් දැවී ගිය මුල්ම අවස්ථාවත් මෙය ය. පැයකුත් විනාඩි 18ක් යනවිට ශ්‍රි ලංකා ඉනිම ඉවරය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ටොන් ගණන් ටෙස්ට් ගැසු දිමුත්…

අපට මොකද වුනේ

පන්දු යැවීම තියුණු වූ බව සැබෑය. මේ තණ තීරුවේ අපේ පන්දු යවන්නන් පන්දු යැවූ තියුණු ආකාරය, පන්දුව දෝලනය වූ ආකාරය දන්නවා නම් රබාඩා සහ මාර්කෝ ජැන්සන් මේ තණ තීරුවේ කුමක් කරාවිද යන තක්සේරුව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිය යුතුව විය. එහෙත් දෙවැනි දිනයේත් දෝලනය වෙමින් ඇති පන්දු ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් තෝරා ගත්තේ බාලාංශ පහරවල්ය. මුල් පෙළ පිතිකරුවන් 07 දෙනාගෙන් පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා යන සිවු දෙනාම දැවී යන්නේ අත්හළ යුතු පන්දු ඉදිරියේ ය.

කඩුළු දඩයම ආරම්භ කළේ කගීසෝ රබාඩා ය. දිමුත් කරුණාරත්න වෙත රබාඩා පිට ඉන්නෙන් ඉවතට යන සේ එල්ල කළ ලෙන්ත් පන්දුවකට හසුවුන දිමුත් කරුණාරත්න   පළමු ස්ලිප්හි  ඩේවිඩ් බෙඩිංහැම් වෙත උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය. ඉන් පන්දු හතරකට පසුව මාර්කෝ ජැන්සන්ගේ පිට ඉන්නෙන් පිටතට දෝලනය වන  අත්හල හැකි පන්දුවකට පිත්ත දමා තුන් වැනි ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දී පැතුම් නිශ්ශංක දැවී ගියේය.

ඉන් ඕවර දෙකකට පසුව, දිනේෂ් චන්දිමාල් ජැන්සන්ගේ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. ඒ ආරක්ෂා සහිත පහරක් එල්ලකර පන්දුව නවත්වා ගන්නට උත්සාහ කිරීමේදී ය.  අටවන ඕවරයේ මුල්ම පන්දුවේ දී අත්දැකීම් පිරි මැතිව්ස්ගේ ඉනිම අවසන් වන්නේ අනවශ්‍ය පහරකට ගොස් බෙඩිංහැම් උඩ පන්දුවක් ලබා දෙමිනි. අටවැනි ඕවරයේදී ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 16කි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මේ ඉනිමට සිදුවන්නේ එක් පන්දු යැවීමේ වෙනසකි. රබාඩා වෙනුවට ජෙරල්ඩ් කොට්සි ගෙන ඒමයි. ඔහුගේ මුල්ම පන්දුවට කමිඳු හතරේ පහරක් එල්ල කළේය. 10 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී ටෙස්ට් වාර්තාකාර කමිඳු මෙන්ඩිස් ලකුණු 13කට දැවී යන්නේය. විශේෂය වන්නේ එය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වීමය.

අඛන්ඩව පන්දු යවමින් සිටි මාර්කෝ ජේසන් තමන්ගේ හයවැනි පන්දු වාරයේ දී ධනංජය ද සිල්වාගේ සහ ප්‍රභාත් ජයසූරියගේ කඩුළු දෙක ලබා ගෙන සිය ටෙස්ට් දිවියේ කඩුළු 05ක් ලබා ගත් දෙවැනි අවස්ථාව සටහන් කරගත්තේය. ජේසන් නිමා කළේ තරගයේ 12 වැනි ඕවරය ය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32කට කඩුළු 07කි.

13 වැනි ඕවරය යැවීම ට කැඳවූ ජෙරල්ඩ් කොට්සි තමන් යැවු මුල්ම පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දවාගත්තේය. දැන් කඩුලු 08කි. ලකුනු 32කි.

14 වැනි ඕවරය යැවීමට නැවත වරක් කැඳවන්නේ මාර්කෝ ජේසන්ය. ඔහු කඩුළු අවසන් කඩුලු දෙක ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම නිමා කළේය.

අප දකින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එන ආකාරය ය. ආවාටත් වඩා වේගයෙන් යන ආකාරය ය. යන එන වෙලාවල් හැරුණු විට පැයක්වත් කණ්ඩායම ක්‍රීඩා කර නැත. ඉනිම විනාඩි 78කින් හමාරය. ටෙස්ට් තරගයක මුල් ඉනිමේ ලකුණු 191ක් පට්ට ලොකු වූයේ එසේය. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමට තෝරා ගැනීම මොනතරම් වාසනාවක් දැයි හිතෙන්නේ දැන්ය. උන් දිනුවා නම් සමහරවිට මේ වනවිට තරගයත් ඉවරය. අඩුම තරමින් තව දවසක් එක හමාරක් වැඩිපුර මැච් එක බැලීමේ අවකාශය පමණක් දැන් ලාංකික ප්‍රේක්ෂකයින්ට තිබේ.

ක්‍රිකට් නම් ක්‍රිකට්… බවුමාගේ සුපිරි ඉනිම..

දකුණු අප්‍රිකානු මුල් ඉනිම  ඔවුන් පහසුවෙන් ක්‍රීඩා නොකළ බව සැබෑය. දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 117 ක් පමණක් රැස් කරගත් අවස්ථාවක් තිබිණි. ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලබා ගෙන තිබූ අඩුම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලකුණු 128ක් වූයේය. ඒ ආසන්නයෙන් කණ්ඩායම නවතිනු ඇතැයි අපට සිතිනි. පසුපෙළ පිතිකරුවෝ ධනාත්මක ලෙස පන්දුවට පහර දුන්හ.

එක් අන්තයක් ආරක්ෂා කරගෙන විශිෂ්ට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ටෙම්බා බවුමා පන්දු 117ක දි හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුනු 70ක් රැස් කළේය. නායක බවුමා පිටියට එන්නේ වැලමිටේ ආබාධයක් නිසා ක්‍රීඩා නොකර පුනරුත්ථාපනය වූ මාස දෙකකට පසුය. මවුමා සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින් සිය විශිෂ්ඨත්වය සනාථ කළේය.

කෙෂේව් මහරාජ් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 24ක්, කිගාසො රබාඩා හතරේ පහර 2ක් සමග ලකුණු 15ක් රැස් කරන විට අපෙ ක්‍රීඩකයින් මේ තරම් ඉනිම මේ තරම් කුජීත වනු ඇතැයි සිතුනේම නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාර්තිව් ඛේදවාචකය – මද්‍රසා පාසලේ විදුහල්පති, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් සහායකයින් දෙදෙනා අත් අඩංගුවට…

Next Post

අලුත් පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ ටික…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.