දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ සිටින හමුදා බල ඇණි වලට අවශ්‍ය ඉඩම් ලබා දීම සඳහා කරච්ච් ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් වූ යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් විසින් 1 දා ප්‍රතික්ෂේප කොට තිබේ.
කිළිනොච්චියේ සිටින යුද හමුදා බල ඇණිවලට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා ඉඩම් ඉල්ලීමක් යුද හමුදාව විසින් කරච්චි ප්‍රාදේශීය සභාවට යොමු කොට තිබූ අතර ප්‍රාදේශීය සභාව් රැස් වූ අවස්ථාවේ දී එම යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුව මන්ත්‍රීවරයා ඊට දැඩි විරෝධය පල කොට තිබේ.
කිළිනොච්චිය පුස්තකාලය අසල පිහිටි ඉඩමක් යුද හමුදාව විසින් කාලයක් භාවිත කොට ආපසු එය බාර දී ඇති අතර කිළිනොච්චියෙන් යුද හමුදාව විසින් ඉල්ලා සිටින ලද ඉඩම් අතර එම ඉඩමද වෙයි.







