කොවිඩ් වෛරසය පිළිබඳව දැනුවත් කරමින් ‘ටික්ටොක්’ වීඩියෝ හරහා සමාජයට දැනුම බෙදා දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක තරිඳු ධම්මික අභාවප්‍රාප්ත වී තිබේ.
කළුතර – සේරුපිටිවල සෞඛ්‍ය කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ධම්මික වකුගඩු රෝගයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
කොරොන වයිරස් වසංගතය සහ ඒ ආශ්රිත එන්නත්කරන ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු ‘ටික්ටොක්’ වීඩියෝ බෙදාගැනීම හේතුවෙන් තරිඳු මහජනතාව අතර ප්‍රසිද්ධ විය.









