සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඥානක්කා වගේමයි… ඉඩම් ඇමති චන්ද්‍රසේනත් හෝටලයක් හදන්න මහ රෑ නුවර වැව රක්ෂිතය ගොඩකරයි…

by editor
මාර්තු 23, 2022
in පුවත්
SM
Share on FacebookShare on Twitter
  • මහ රෑ චන්ද්‍රසේනගේ හෝටලය හදන්න වැව් තාවුල්ල ගොඩ කරනවා… වාරිමාර්ග නිලධාරීන් ජාති අන්ධයන් වගේ…

  • හෝටලය යටවීම වැළැක්වීමට නුවර වැවේ උපරිම ජල මට්ටමත් අඩු කරන ගැසට් එකකට සූදානම්… ක්‍රියාත්මක කළොත් අහිමිවන ධාරිතාව අක්කර අඩි 13 600ක්.

  • රටෙම් වැව් ටික වනසන පූර්වාදර්ශයක් වුණු ඒ අමන වැඩේ කරන්න දෙන්නෙ නෑ… දිවි හිමියෙන් සටන් කරනවා… ගොවි සංවිධාන කියයි…

ජාතික වාරි සංස්කෘතියේ විශ්මයක් වූ ඓතිහාසික නුවර වැව තාවුල්ල  නීති විරෝධීව අපහරණය කරමින්  ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනත් නුවර වැව දූෂණය කර හෝටල් සංකීර්ණයක් හදමින් සිටින බව වාර්තා වේ.

මේ හෝටල් ඉදිකිරීම වාර්තා වන්නේ  රටේ මුල් පුටුවලට සාස්තර කියන ඥානක්කා ආරක්ෂක අංශ යොදවා  නීති විරෝධීව නුවර වැව රක්ෂිතයේ හෝටලයක් ඉදි කරන බව පිඹුරු සහ සැලසුම් සහිතව රටේ ප්‍රධාන මධ්‍ය විසින් මීට පෙර හෙළිදරව් කර තිබිණි.

කැබිනට් ඇමති චන්ද්‍රසේන සේම රාජ්‍ය ඇමතිවරයෙක් හා හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයින්, ව්‍යාපාරිකයින් 203 දෙනෙක් මේ වනවිට නුවර වැව රක්ෂිතය අතිශය නීති විරෝධී ලෙස අපහරණය කර ඇතැයි  වාර්තා වේ. එම නීති විරෝධී හෝටල් අතර තරු පන්තියේ හෝටල් කීපයක් වන බව ද කියැවේ.

  • චන්ද්‍රසේනගේ හෝටලය

ඉඩම්  එස්.එම් චන්ද්‍රසේනගේ  පක්ෂ කාර්යාලය සේම නිවස පිහිටා තිබෙන අනුරාධපුර, මාතලේ හන්දිය ප්‍රදේශයේ කුඩා නවාතැන්පොල මේ දිනවල තරු හෝටලක් බවට ඉඳිකිරීම් කටයුතු සිදු කරන බව වාර්තා වී ඇත.  ඉදිවන හෝටලයේ මායිම ඇත්තේ නුවර වැවේ රක්ෂිත කලාපයටය. මේ වෙද්දී දිස්ත්‍රික්කයේ වැව් වල තිබෙන පස් ගෙනැවිත් වැව් රක්ෂිතය ගොඩ කිරීම සිදුකරන බවත් ටිපර් වලින් පස් කියුබ් ගණන් ගෙනැවිත් රක්ෂිතය ගොඩ කරන්නේ රාත්‍රී කාලයේදී බවත් එම ආරංචි මාර්ග කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර  ඉඩම් ඇමතිවරයා සිය හෝටලය යටවීම වළක්වා ගැනීම සඳහා මීටර 88.5ක් වූ  නුවර වැවේ උපරිම ගංවතුර මට්ටම    මීටර් 88 ක් දක්වා අඩු කිරීමට පිඹුරුපත් සකසා අවසන් බවත්   මෙලෙස වැවේ ගංවතුර මට්ටම තව දුරටත් අහිමි කිරීම නිසා වැවට අහිමි වන ජල ධාරිතාවය අක්කර අඩි 13,500 ක් බවත්   අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

“නුවරවැව මතු පරපුර වෙනුවෙන් අහිමි කිරීමට මේ කැබිනට් ඇමැතිවරයා ඇතුළු පිරිස මේ වෙද්දී  නුවර වැවේ ජල ධාරිතාව උපරිම මට්ටම අඩු කිරීමේ ගැසට් පත්‍රය කෙටුම්පතද අවසන්කර තිබෙනවා. මේ වැවේ රක්ෂිතය අඩුකරනවා කියන්නේ ලංකාවේ තියෙන අනෙක් වැව් වලටත් ඒ නීතිය බලපානවා කියන එකයි. මේ පූර්වාදර්ශය සියළු දේශපාලඥයින් විසින් ගනීවි. මේ අමන ක්‍රියාව නතර කරන තුරු අපේ විරෝධතා වැඩපිළිවෙල අඛණ්ඩව ගෙනයෑමට කටයුතු කරනවා.“යැයි නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, අමරපුර සිරිසුමන පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අනුරාධපුර නිවන්තකචේතිය රජමහා විහාරාධිපති රත්ගම සමිත හිමියෝ පවසති.

වැව් රක්ෂිතය අල්ලාගෙන සිදුකරන මේ දැවැන්ත පරිසර හානියට විරෝධය දක්වා සිය ගණනක් ගොවි ජනතාව ඉකුත් ජනවාරි මස 31 වැනිදා අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූ අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට සංදේශයක් බාරදීමටද කටයුතු කරන ලදි. මෙම විරෝධතාවයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ද සමිත හිමියන්ය.

උන්වහන්සේ පවසන පරිදි රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබෙන හෝටල් ඇතුළු අනවසර ඉඳිකිරීම ඇතුළු ගොඩනැගිලි සියල්ලගේම වැසිකිළි පමණක් නොව අප ජල පද්ධති සියල්ල හරවා ඇත්තේ නුවර වැවටය.

නුවර වැවේ නව නුවර පාරේ එක් පැත්තකින් ගුවන් හමුදා කඳවුරත් තවත් හමුදා කඳවුරු කීපයක්ද පිහිටා ඇත. මේවා සියල්ලේගම අප ජලය බැහැර කෙරෙන්නේද නුවර වැවටය. ඥානක්කා අනවසරයෙන් හෝටලය ඉදි කරන්නේත් මේ අසල නව නුවර පාරේය.

  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව 

මේ පිළිබඳව කළ විමසීමක දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන් කියා සිටින්නේ නුවර වැවේ අනවසර ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ඩ්‍රෝන කැමරා ආදිය යොදාගෙන නිරීක්ෂණයක් සිදු කෙරෙන බවය.

එමෙන්ම, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මැනුම් කටයුතු කිරීමට කඩිනමින් කටයුතු කරන බවද වාරිමාර්ග බලධාරීහු පවසති. එමෙන්ම වාරිමාර්ග නිළධාරීන් කියා සිටින්නේ වැව් රක්ෂිත කලාපවල අයිතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නොමැති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෙරේදා පමණක් ඉන්දීය ධීවර යාත්‍රා දහසක් උතුරු මුහුදේ… උතුරේ ධීවරයින් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හමුවෙයි!

Next Post

සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කළ බව කියා අනිවාර්ය නිවාඩු යැවූ දොස්තර ෂාෆිට අත්හිටවූ සියලු දීමනා ලැබෙයි!   

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.