ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෝන් සීනා – මනුෂ්‍යත්වයේ ගැඹුරුම සංවේදනයන්ගෙන් ලෝකයක් සුවපත් කළ අයෝමය මිනිසෙකුගේ නොකියවෙන කතාවක්…

by editor
දෙසැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජෝන් සීනා අද සිය වෘත්තීය මල්ලවපොර ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලෝකයේ මල්ලවපොර ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රිය නොකරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හදවත් තුළ පුරාවෘත්තයක සමුගැනීම පිළිබඳ වූ ගැඹුරු සටහනක් තබමිනි.

ජෝන් සීනා යනු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු පමණක් නොවේ. ඔහු ගෝලීය නිරූපකයෙකි. ස්වකීය විෂය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිත වූ විද්වතෙකි. ඔහුගේ ජීවිත කතාව පරම්පරා ගණනාවක් පුරා මිලියන ගණනකට ආශ්වාදයක් ලබා දෙනු ඇති බව සහතිකය. ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට මල්ලවපොර ක්‍රීඩාව ප්‍රාසාංගික අත්දැකීමක් සහිතව ඉදිරිපත් කරමින් ලොව පුරා රසිකයන් සමූහනය කළ ආයතනය වූ  World Wrestling Entertainment (WWE)   හි ස්වරූපය වෙනස් කළ මිනිසා බවට පත් වී සිටියේය.    සාර්ථකත්වය ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, ස්වයං විනයකින් චර්යාවන් කළමනාකරණය කිරීමෙන්  සහ තමා කෙරෙහි ඇති විශ්වාසයකින් කටයුතු කිරීමෙන් බව ඔප්පු කළ මිනිසෙකු ලෙස ජෝන් සීනා රෙස්ලින් වළල්ලෙන් බැස යනු ලෝකයම බලාගෙන සිටියේය.

ජෝන් ෆීලික්ස් ඇන්තනි සීනා ජූනියර් 1977 අප්‍රේල් 23 වන දින එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි වෙස්ට් නිව්බරි හි උපත ලැබීය.  ජීවිත වටිනාකම් වලින් පිරුණු නිවසක සහෝදරයන් හතර දෙනෙකු සිටින විශාල පවුලක ඔහු හැදී වැඩුණි. කුඩා කල සිටම, සීනා ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතාවය විෂය අධ්‍යයනයට ඇදී ගියේය. ඔහු පාසල් සහ උසස් විද්‍යාල අධ්‍යාපන කාලය තුළ පාපන්දු ක්‍රීඩා කළේය. උසස් අධ්‍යාපනයේ දී ඔහුගේ අධ්‍යයන විෂය වූයේ  ව්‍යායාම කායික විද්‍යාවය. එම විෂය  පිළිබඳ සීනා උපාධියක් ලබා ගත්තේය. මෙම අධ්‍යාපන පසුබිම ඔහුගේ වෘත්තීය ජීවිතය පසුව අර්ථවත් කරවූයේය.  ශක්තියෙන් අනූන බලවත් ශරීරය සහ මලල ක්‍රීඩා විනය ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ඨත්වය  සඳහා අඩිතාලම දැමීය.

උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව සීනා වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු වීමේ ඔහුගේ සිහිනය හඹා යාමට කැලිෆෝනියාවට ගියේය. එහෙත් එය පහසුවෙන් අත්කරගත හැකි ඉලක්කයක් නොවුනි. සිය ඉලක්කය හා ගැටෙමින්  සීනා ගෙවූ මුල් වසර බෙහෙවින් දුෂ්කර විය. එහෙත් අභියෝගය හමුවේ  ඔහු දැඩි ලෙස පුහුණු විය.   අවිනිශ්චිතතාවයට මුහුණ දෙමින් සරල ඉතා නිහතමානී තරුණයෙක් ලෙස ජීවිතය දරා ගත්තේය. මොන අභියෝගය පැමිණියත් අත් නොහැරීමේ ගුණය ඔහු ප්‍රගුණ කළේය.   ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවට පිවිසෙන්නේ 2000 වසරේදී ය. සීනා  ඉක්මනින්ම World Wrestling Entertainment (WWE) ආයතනයේ අවධානය දිනා ගත්තේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජෝන් සීනා 2002 දී World Wrestling Entertainment ආයතනයේ ප්‍රධාන ලැයිස්තුවට පිවිසියේය. ඔහුගේ විශ්වාසය, ශාරීරික බලය සහ ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව සමස්ථය අතරින් ඉක්මනින් ඔහුව වෙන් කර  විශේෂ චරිතයක් බවට පත් කළේය.   “කවදාවත් අත් නොහරින්න”… එය සීනාගේ   අනන්‍යතාවයේ කේන්ද්‍රීය පණිවිඩ  විය. දරුවන් සීනාව අගය කළේය.  ඔහු බොහෝ පවුල් ඒකකවල ආදර්ශය වූයේය.  ඔහු ඉක්මනින්ම World Wrestling Entertainment ආයතනයේ ආදර්ශය බවට පත් වූයේය.

දශක දෙකකට වැඩි කාලයක් පුරා ගෙවූ  වෘත්තීය ජීවිතය තුළ, සීනා අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කර ගත්තේය. ඔහු ලෝක ශූරතා 17 ක් දිනා ගත් අතර, World Wrestling Entertainment ආයතන ඉතිහාසයේ ඉහළම සංඛ්‍යාව ශූරතා සංඛ්‍යාව සම කළේය.  කුමන ගැටලු මතු වුව ද , සීනා වෘත්තීයමය වශයෙන්, World Wrestling Entertainment ආයතනය ට පක්ෂපාතීව සහ සෑම තරඟයකදීම ඔහුගේ උපරිමය ලබා දීමට කැපවී සිටියේය.

රෙස්ලින් වළල්ලෙන් පිට –

මල්ලවපොර වළල්ලෙන් පිටතදී, ජෝන් සීනාගේ අතිශය සංවේදී සහ කම්පනයෙන් අනූන මනුෂ්‍යයෙක් වූයේය.  මනුෂ්‍යත්වයේ නාමයෙන්, දරුවන් ගේ බරපතල රෝගාබාධ සඳහා අරමුදල් සපයමින් ජීවිත බලාපොරොත්තු උපදවන  ගෝලීය පුණ්‍යායතනයක්වන  Make-A-Wish Foundation වෙත සීනා දැක්වූ සහයෝගය සංවේදී සෑම මනුෂ්‍යයෙකුගේම හදවත් පුරවාලූයේය.  ඔහු සමාජයේ මහා  ගෞරවයට පාත්‍ර විනි.  බරපතල රෝගාබාධවලට මුහුණ දෙන දරුවන්ට ප්‍රීතිය සහ බලාපොරොත්තුව ගෙන ඒම සඳහා වැඩිම ප්‍රාර්ථනා ඉටු කළ පුද්ගලයින් අතර සීනා ඉදිරියෙන් සිටියේය. රෙස්ලින් වළල්ල තුළ අනුකම්පා විරහිත අයෝමය මිනිසෙක් තුළ සැඟවී සිටි හෘද සංවේදී   ආදරණීය මිනිසා ලෙස ලෝකය බලා සිටියේ අප්‍රමාණ ගෞරවයෙනි.

ජෝන් සීනා නැමති නළුවා –

පසුකාලීනව, සීනා තම වෘත්තීය ජීවිතය හොලිවුඩයට සාර්ථකව ව්‍යාප්ත කළේය. ඔහු ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා වල පෙනී සිටියේය.  මේ මල්ලවපොර ක්‍රීඩකයා තුළ සැඟවී සිටි කලාකරුවා සහෘද ආදරය දිනා ගත්තා පමණක් නොව ඇගැයීමට ද ලක් විය.   සිය රංගන ජීවිතය සමෘද්ධිමත් වූ විට පවා, සීනා සෑම විටම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාව අත් නොහැරියේය.  ඔහුගේ උරුමය ගොඩනැගීමට උපකාර කළ රසිකයන් ට අසීමිත ලෙස ගරු කළේය.

ජෝන් සීනා  අසිරිමත් මනුෂ්‍ය ආදර්ශයක් වන්නේ මේ සංකීර්ණ මානුෂීය සංකලනයන් නිසාය.  ඔහු නියෝජනය කළ වටිනාකම් සඳහා ද ඔහු ආදරණීය පුද්ගලයෙක් විය.  සීනා සිය ගෞරවය, නොපසුබට උත්සාහය සහ වගකීම වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු සමාජයට ලබා දුන් පණිවිඩය මිනිසුන්ට ධෛර්යයෙන් අභියෝගවලට මුහුණ දීමට සහ තමන්ගේ සිහින කිසි විටෙකත් අත් නොහැරීමට දිරිගැන්වීය.

අද ජෝන් සීනා වෘත්තීය මල්ලවපොරයෙන් ඉවත් වූයේය.  ඒ මහා උරුමයක හිමිකරුවෙක් ලෙසය.  ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිතව සිය වෘත්තීය ප්‍රවේශය ලබා ගත් විද්වතෙක් විය.   සිය ක්ෂේත්‍රය දික් විජය කළ ශූරයෙකු විය.  විනෝදාස්වාදකයෙකු විය.    සැබෑ ශක්තිය ලැබෙන්නේ කැපවීම, නිහතමානිකම සහ හදවතේ ගැඹුරුම තැනින් උපදින මනුෂ්‍යත්වයේ සංවේදනයන්ගෙන් බව ඔහු ලෝකයට පෙන්වා දුනේය. ඒ ආදර්ශය මිලියන ගණනක් වෙත ලබා දුන් මනුෂයෙක් ලෙස ජෝන් සීනා සිය මුද්‍රාව තබා රෙස්ලින් වළල්ලෙන් බැස යන්නේය.  ඒ මුද්‍රාව වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාව පවතිනතෙක් නොමැකී තිබෙනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැවත පදිංචි කිරීම් යටතේ නිවාස ලද ප්‍රතිලාභීන් 1179ක් මුදල් අරන් නිවාස ඉදිකිරීම් අත්හැර දමලා…

Next Post

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්ය බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.