ලබන ජූලි මස සිදුකරන විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලිය අඩුම පිරභෝජනය කරන ඛාණ්ඩය වෙනුවෙන් සියයට 23 සිට 29 තෙක් සහනයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
ඇමතිවරයා කීවේ මේ සහනය ආගමික ස්ථානවලටත් ලබා දෙන බවය. එහෙන්ම සංචාරක හෝටල් කර්මාන්ත ශ්‍රේණියට ඇතුළත් කර ඔවුන්ගේ විදුලි බිල අද පවතින ප්‍රමාණයෙන් සියයට 29ක සිට සියයට 40 තෙක් අඩු කිරීමට අවශය පසුබිම සකස් කරන බවද ඔහු පැවසුවේය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම සඳහා අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් ඇමතිවරයා මෙසේ දැ පැවසුවේය.
“ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කළ මගපෙන්වීම අනුව අමාත්‍යාංශය හැටියට අප උපදෙස් ලබා දුන්නා ජූලි මස සිදුවන ඊලඟ විදුලි ගාස්තු සංශෝධනය කරන විට අඩුම විදුලිය පරිභෝජනය කරන පිරිසට ප්‍රතිලාභය ලැබෙන්න කටයුතු කරන්න කියලා. “
“හෝටල් කර්මාන්ත ගණයට ඇතුළත් කරන්න කියලා ඉල්ලීමත් ආවා. ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකුත් තියනවා 2014 අවුරුද්දේ එකඟතාවයෙන් එළඹුන තීන්දුවක් ඒක. ඒ නිසා මේ දෙකම සැලකිල්ලට අරන් සංශෝධනයක් ඉදිරිපත් කරලා තියනවා. “
“ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින රුපියල් 30ක ඒකකය මිල රුපියල් 25 දක්වා රුපියල් 5කින් අඩුකර කරන්න යෝජනා කරලා තියනවා. “
“මේ අතර එම ඛාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කරලා තියනවා. මේ අනුව එම ඛාණ්ඩයේ විදුලිබිල අවමය සියයට 23 සිට උපරිමය සියයට 29 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ මේඛාණ්ඩයට ලබා දෙන සහනය අවමය සියයට 23ක්. එය පවසන ආකාරයට සියයට 3ක සහනයක් නෙමෙයි. එම කණ්ඩායම ඇතුළෙ පවුල් 17, 44,000ක් සිටිනවා.
එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන වෙනවා. ඒකම අපි ආදේශ කරලා තියනවා ආගමික සිද්ධස්ථානවලට.
ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිතයි. ඒකක 31 – 90ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර තිබෙනවා.
හෝටල් කාණ්ඩය කර්මාන්ත ඛාණ්ඩයට ඇතුළත් කළ නිසා අවමය 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.