අන්තර්ජාතික කීර්තියට පත් විශිෂ්ට ක්‍රීඩකයෙක් මෙන්ම ගෞරවණීය සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ජුලියන් බෝලින් රහස් පොලිසියට කැඳවීම සම්බන්ධව දැඩි කම්පනයකයින් යුතුව ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙක් මේන්ම අන්තර්ජාතික කීර්තියටපත් තරග තීරකවරයෙක් වූ රොෂාන් මහානාම සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබේ.
ඔහු තබා ඇති සටහන මෙසේය.
සාමකාමී ලෙස පුද්ගලය මතය ප්‍රකාශ කිරීමට කිරීමට ඇති අයිතිය අපගේ මූලික මිනිස් අයිතිවාසිකමයක්.
මුදලට, බලයට සහ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මිනිසුන් දෑස් වසාගෙන සිටින සමාජයක, මගේ මිතුරා ජූලියන් සෑම විටම මා මෙන්ම දේශපාලන පක්ෂග්‍රාහීත්වයකින් තොරව නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියා.
රටට විශාල කීර්තියක් අත්කර දුන්, සමාජයේ නොකැළැල් ඉතිහාසයක් ඇති ජුලියන් වැනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු ප්‍රශ්න කරනු දැකීම කණගාටුවට කරුණකි.