මරණ 10ක් සහ තුවාල කරුවන් 40කට වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් සිදුවූ බිහිසුණු බස් අනතුර සිද්ධවන පොලොන්නරුවේ ගල්ලෑල්ලට නුදුරු කොටලීය පාලම අනතුරු බහුලව සිදුවන පටු පාලමක් බව වාර්තා වේ.
අද රාත්‍රියේ අනතුරට ලක් වී තිබුණේ පොලොන්නරුවේ සිට රාත්‍රී 7.25ට පමණ කාත්තන්කුඩි දක්වා ගමන් ගන්නා බස් රථය ය. මෙම බස්රථය සෙනග විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා බස් රථයකි. අද ඉරිදාව බැවින් කාත්තන්කුඩි බලා යන මෙම බස්රථයේ වෙනදාටත් වඩා පිරී ඉතිරී ගොස් තිබී ඇත.
කොටලීය පාලම සහ කදුරුවෙල බස් නැවතුම්පල අතර දුර කිලෝමීටර් තුනක්වත් නැත. බස් රථය ගමන් අරඹා විනාඩි 10ක් ඇතුළත මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
කොටලීය පාලම යටින් දිවෙන්නේ මහවැලි ගඟේ අතු ගඟකි. මේ පාලම යට මඩ වගුරකි. පාලම පටුය. වාහනකයට වාහනයක් මාරු විය නොහැකි. ඒ නිසා මෙතැන අනතුරු බහුලවම සිදුවන තැනක් ලෙස ප්‍රදේශවාසීහු කීහ.
බස් රථය කොටලීය පාලමින් ඉවතට පැන වතුරට පෙරළී තිබිණි.
මේ වනවිට රෝහල් බලධාරීන් මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කර ඇත.
අවට හමුදා කඳවුරුවල සොල්දාදුවන් එම ස්ථානයට හැකි ඉක්මනින් පැමිණ දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා විදුලි බුබුළු එළියෙන් දුෂකර මෙහෙයුමක නිරත වූහ.
සියලුම රෝගීන් සහ මළ සිරුරු මේ වනවිට පොලොන්නරුව රෝහල වෙත ගෙන ගොස් ඇත.
පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
මේ වනවිට රෝහල් බලධාරීන් මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කර ඇත. මේ පොලොන්නරුව මහ රෝහලේ තත්ත්වයයි…
https://www.facebook.com/100086117511962/videos/290454656773929