2023 වසර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ඒකකයක පිරිවැය රුපියල් 56.90 ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
කෙසේ වෙතත්, වර්තමාන සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14 ක් වන අතර එමගින් විදුලිබල මණ්ඩලය වාර්ෂකව ලබන පාඩුව රුපියල් බිලියන 423.5 ක් ලෙස ගණන් බලා ඇති බවත් ඔහු කියයි.
මේ සඳහා ඇමතිවරයා යෝජනා කරන්නේ සෑම ස්ථරයකින්ම ඒකකයක් සඳහා රුපියල් 56.70ක් අය කළ යුතු බවය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා භාණ්ඩාගාරයෙන් සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලයේ බිල්පත් දත්ත අනුව ගෘහස්ත පාරිභෝගිකයන් 6,709,574ක් සිටින බව පෙන්වා දෙන අමාත්‍යවරයා පරිශීලකයින් පහත ආකාරයෙන් බෙදා දක්වයි.
- ඒකක 0-30 ක පාරිභෝගිකයින් 1,460,828 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 8.00කි.
- ඒකක 30-60 ක පාරිභෝගිකයින් 1,683,172 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 10කි.
- ඒකක 60-90 ක පාරිභෝගිකයින් 1,702,515 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 16කි.
- ඒකක 90-180 ක පාරිභෝගිකයින් 1,559,131 ක් සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 50කි.
- ඒකක 180 වැඩිය පරිභෝජනය කරන අය 303,928 සිටින අතර ඒකකයක් සඳහා අය කිරීම රුපියල් 75කි.
අමාත්‍යවරයා පවසන්නේ පහත ස්ථරවලට විශාල වශයෙන් සහනාධාර ලබා දෙන බවත් ඉහළ ස්ථරය සහනාධාරයෙන් කොටසක් සඳහා වන්දි ගෙවන බවත්ය. ඉතිරි සහනාධාරයේ ඉතිරි හිඟය භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව ඔහු පෙන්වා දෙන්නේය.
“මගේ පෞද්ගලික මතය නම් සෑම ස්ථරයක්ම ඒකකයකට රු. 56.90/- විය යුතුයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් විය යුතුයි.“ ඇමතිවරයා සඳහන් කළේය.