දිනසේන රතුගමගේ –
සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂීන් විශේෂ 83 කට විවිධ අන්දමේ බලපෑම් ඇති කෙරෙන නිසා ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගන්නා තුරු මන්නාරමේ මුල්ලිකුලම ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ සුළං බලයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර කොට තිබේ.
ටර්බයින් 34 කින් සමන්විතව මෙම විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ශඛ්‍යතා වාර්තාවක්ද ලබා ගෙන තිබුණි.
එම වාර්තාව ඉතා කඩිනමින් ලබා ගත් නිසා පක්ෂීන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් නොකළ බවට එල්ල වූ චෝදනාවක් මත විදුලි බල මණ්ඩලය යළිත් ශඛ්‍යතා වාර්තාවක් ලබා ගන්නා තුරු මන්නාරම මුල්ලිකුලම ප්‍රදේශයේ ඉදි කෙරෙන විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර කොට තිබේ.
සංක්‍රමණික පක්ෂීන් විශාල පිරිසකගේ පිවිසුම් දොරටුව හා පිටව යාමේ දොරටුව මන්නාරමේ පිහිටා තිබීමත් ස්වභාවික කුරුලු උයනක් කුංජිකුලම ප්‍රදේශයේ පිහිටා තිබීමත් නිසා එම තත්ත්වය ගැන සලකා අලුතින් සක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.