අද (24) අළුයම ජාඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා තිබේ. පොලිසිය පවසන්නේ මෙම නිවසට වෙඩි ප්‍රහාර එල්ල වන්නේ දෙවැනි වතාවට බවය.
මීට පෙර පසුගිය 15 වන දින රාත්‍රියේ ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
අද අළුයම වෙඩි තබා ඇත්තේත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසිනි. වෙඩි වැදීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති අතර අදාළ නිවසේ ගේට්ටුවට සහ බිත්තිවලට හානි සිදුවී ඇති බව සදහන් වේ.
බියගැන්වීමක් සහ මරණ තර්ජනය ප්‍රකාශයට පත් කීරමක් ලෙස අවස්ථා දෙකේදීම මෙම වෙඩි තැබීම් සිදුක ඇත. මින් පෙර වෙඩි තැබීමේ සිද්ධිය සේම මෙම වෙඩි තැබීමේ විමර්ශනයත් ජා ඇල පොලිසිය විසින් පවත්වන බව වාර්තා වේ.







