ජාවාරම්කරුවන්ට වී තොග රැස්කිරීම වෙනුවෙන් වී මෝල් ලියාපදිංචිය, සහල් තොග රැස්කිරීම තහනම් කරමින් වහාම චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.
රජය සතුව වී මෝල් හිමියන්ගේ ලැයිස්තුවක් පවතින අතර තවදුරටත් වී මෝල් ලියාපදිංචිය නොකරන බව ද අමාත්‍යවරයා කියාසිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
කුඩා වී මෝල් නිවසේ සවිකර නිවසේ සහල් නිෂ්පාදනය කරන බවට පවසා මහා පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කිරීමේ ජාවාරමක් හෙළිව තිබේ.
වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රුපියල් ලක්ෂ 15ක් වැනි මිලකට මෙලෙස මෝලක් සවිකර ප්‍රාදේශීය ලේකම්වරයා ලවා නිවසේ සහල් තොග රැස්කරන සහල නිෂ්පාදනය කරන බවට ලියාපදිංචි කරගත් එවැනි ස්ථාන අම්පාර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක බවට ලද පැමිණිලි සළකා බැලීමේදී මෙම ජාවාරම හෙළිව ඇත.