බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” දියත් කෙරේ

by Lankasara News
අප්‍රේල් 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම QR ගනුදෙනු සඳහා ව්‍යාපාරික ආයතන වෙතින් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන් ඉවතට

නව ක්‍රමවේදය ඔස්සේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට P to P පුද්ගලානුබද්ධ ගනුදෙනු පහසුවෙන්

ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ වැඩසටහනක් බවත්, සියලු ආකාරයේ ගනුදෙනු ඩිජිටල්කරණය මගින් විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් බවට පත් වන අතරම, මෙරට අවිධිමත් ආර්ථිකයේ පංගුව ක්‍රමානුකූලව විධිමත් ආර්ථිකයට කැඳවා ගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

 

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව, කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීමේ මූලික අරමුණ ඇතිව මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම QR ගනුදෙනු සඳහා ව්‍යාපාරික ආයතන වෙතින් අය කරන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, Gov Tech ආයතනය, LankaPay ආයතනය සහ මූල්‍ය ආයතනවල සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර, ගනුදෙනු කිරීමේදී පවතින බාධා ඉවත් කිරීම, ත්‍යාග සහ දීමනා මගින් ජනතාව උනන්දු කිරීම, නව තාක්ෂණය හඳුන්වා දීම, රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන මුලික කරුණු 04ක් මත පදනම්ව එය ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බැංකු ගනුදෙනු හා ඉතා සමීප සංස්කෘතියක් අපේ ජන සමාජය තුළ පැවතියද, එම බැඳීම පැරණි කඩදාසී පොතේ සිට නව ඩිජිටල් පද්ධතියක් දක්වා පරිවර්තනය කිරීමට අප තවමත් අසමත්ව ඇති බවයි.

එබැවින් ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් ලෙස මෙම නව වැඩසටහන හඳුන්වා දෙමින් රජයේ අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලුම බැංකු සහ මූල්‍ය ආයතන වෙත ආරාධනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අපේ ආර්ථිකයේ සහ සමාජයේ අපි සිර වී සිටින තැනක් තිබෙනවා. ඒ තමයි අපේ ගනුදෙනු, ආර්ථික ක්‍රියාකාරකම්, සමාජ දත්ත, නිසි පරිදි විනිවිදභාවයකින් යුතුව එක්රැස් කර ගැනීමට අසමත් වීම. අපේ රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙනවා අපි සහනාධාර ලබා දිය යුතු වන්නේ ඉලක්කගත ප්‍රජාවට කියලා. හැබැයි ඉලක්කගත ප්‍රජාව තෝරාගන්නේ කෙසේද යන ගැටලුවට අපි මුහුණදෙනවා.

උදාහරණයක් ලෙස ගත් විට, මැදපෙරදිග අර්බුදය සමග ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගියා. අපි මේ දෙස පැති දෙකකින් අවධානය යොමු කළා. ඉන්ධන මිල ඉහළ යාම රටේ ආර්ථිකයට කවර ආකාරයේ බලපෑමක් ඇති කරයිද, ඒ වගේම, ඉන්ධන ව්‍යාපාරයේ යෙදෙන ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු පාර්ශ්වවලට කවර ආකාරයේ බලපෑමක් ඇති කරයිද කියන කරුණු දෙකම අපි සංසන්දනය කර බැලිය යුතුයි. විශාල ලෙස මිල ඉහළ දැමීම පෙරළා අපේ ආර්ථිකය හැකිළීමට ලක් කරනවා. අනෙක් පසින් නියමිත පරිදි මිල නොගැළපීම මගින් අපේ ආයතන පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යා නොහැකි අර්බුදයකට මුහුණ දෙනවා. ඒ නිස අපි මෙය සමතුලිත කර ගත යුතුයි. එහිදී වඩාත් යෝග්‍ය වන්නේ ඉලක්කගත ප්‍රජාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරයක් ලබා දීමයි. හැබැයි, ඒ සඳහා දත්ත එක්රැස් කර ගන්නේ කෙසේද කියන ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා.

ඒ නිසා වෙළෙඳපොළේ සිදු වූ මිල උච්චාවචනය දෙස අවධානය යොමු කර ඩීසල් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම සහනාධාරයෙන් වැඩිම ප්‍රතිලාභය ලැබෙන්නේ කාටද? ගමේ කෙනෙක් ඩීසල් ලීටර 05ක් ගැහුවොත් එයාට ලැබෙන සහනාධාරය රුපියල් 500යි. ලොකු වාහනයකට ඉන්ධන ලීටර් 100ක් ගැහුවොත් ඔහුට ආණ්ඩුවේ සහනාධාරය ලෙස රුපියල් 10,000ක් ලැබෙනවා. එසේ නම් මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා දත්ත එක්රැස් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එහිදී ගනුදෙනු ඉතා වැදගත් ක්ෂේත්‍රයක් වෙනවා. එම ගනුදෙනුවලින් පෙන්නුම් කරනවා තමන්ගේ ආර්ථික මට්ටමේ ස්වභාවය. ඒ අනුව සහනාධාර ලබා දීමේදී
එය නිර්ණායකයක් බවට පත් කර ගත හැකියි. ඒ වගේම අපි සහනාධාර ලබා දිය යුතු ආකාරය සහ භාවිතය පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අපි හිතනවා මේ සංකිර්ණ ප්‍රශ්නයේදී ඩිජිටල් පද්ධති මගින් කෙරෙන ගනුදෙනුවලට අපි අවතීර්ණ විය යුතුයි. එවිට තමයි අපි අපේක්ෂා කරන අමුණුවලට මෙම සහනාධාර යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ.

ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම ගනුදෙනු අපි මේ පද්ධතිය තුළට ඇතුළත් කළ යුතුයි. එය විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් බවට පත් වෙනවා. එවිට මේ අවිධිමත් ආර්ථිකයේ පංගුව ක්‍රමානුකූලව විධිමත් ආර්ථිකයකට කැඳවා ගත හැකියි. ඒ අනුව, මේ ඩිජිටල්කරණ වැඩසටහන අපේ ප්‍රමුඛතා වැඩසටහන් වෙනවා. ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කයක් අපිට තිබෙනවා. අපේ සැලැස්ම වන්නේ ඩිජිටල් ක්ෂේත්‍රය තුළම ඩොලර් බිලියන 15ක ආර්ථිකයක් ඇති කිරීම නොවෙයි. කෘෂිකර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත මෙම ඩිජිටල්කරණය ඇතුළත් කිරීම මඟින් ඇති වන කාර්යක්ෂමතාව ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් ඇති කරනවා.

හැබැයි, අපි තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් විධිමත්ව මෙය ප්‍රචලිත කිරීමට අසමත් වී තිබෙනවා. ගනුදෙනු සමඟ ඉතා සමීප සංස්කෘතියක් අපිට තිබෙනවා. ගනුදෙනු, තැන්පතු ආදී වශයෙන් බැංකු පද්ධතිය සමඟ ඉතාමත් දියුණු සංස්කෘතියක් සහ බැඳීමක් අපේ ජන ප්‍රජාව තුළ තිබෙනවා. හැබැයි, ඒ බැඳීම පැරණි කඩදාසි පොතේ සිට නව පද්ධතියක් දක්වා පරිවර්තනය කිරීමට අපි තවමත් අසමත් වී තිබෙනවා. එසේම, එය අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඒ නිසා මෙවැනි සංස්කෘතියක් තිබෙන ජන ප්‍රජාව අතරට මේ නව ගෙවීම් පද්ධති ගෙන යන්නේ කෙසේද යන්න අපේ ප්‍රධාන අභිලාෂයයි. එහිදී ප්‍රධාන වශයෙන් මාධ්‍ය ප්‍රචාරණය, සමාජය දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඩිජිටල් අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.

අපේ සංස්කෘතිය තුළ ගනුදෙනු විශාල ප්‍රමාණයක් තිබෙනවා. දරුවා පාසල් යන විට අතට මුදලක් දෙනවා. ඒ වගේම, අලුත් අවුරුද්දට බුලත් දෙන විට මුදලක් දෙනවා. එම ගනුදෙනු මෙම නව ඩිජිටල් ක්‍රමවේදය සමග ගළපා ගන්නේ කෙසේද, හැබැයි, මේ QR ක්‍රමවේදය සංස්කෘතියක් වීමට නම් අපේ සමාජයේ බැඳීම් සමඟ ඇති වී තිබෙන සියලු ගනුදෙනු මෙය නියෝජනය කළ යුතුයි. එසේ නොමැතිව සීමාසහිත ගනුදෙනු රටාවකට පමණක් මෙය ඇතුළත් වුණොත් මෙම ක්‍රමවේදය සමාජය වැලඳ ගන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සමඟ මෙය සම්බන්ධ විය යුතුයි.

ජනතාවගේ සංස්කෘතිකමය ගනුදෙනු මේ තුළට ගෙන ඒමට අලුත් මෙවලම් සහ අලුත් ආකෘති අපිට අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ අපිට විශාල අවධානයක් යොමු කිරිමට සිදු වෙනවා. ඒ වගේම මෙම සෑම ගනුදෙනුවකම කේන්ද්‍රස්ථානයක් තිබෙනවා. එම කේන්ද්‍රස්ථානය වන බැංකු සහ මූල්‍ය සමාගම් තම අනුග්‍රහය ලබා දෙන්නේ නම් මෙය සාර්ථක කරගත හැකියි. ඒ නිසා මේ ආරම්භ කරනු ලැබූ පියවර මගින්, QR කේතයන් මගින්, සිදු වන සියලුම ආකාරයේ ගනුදෙනු ඉතාමත් වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. ඒ නිසා බැංකු සහ මූල්‍ය සමාගම්වලට මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. මේ අලුත් අවුරුද්දට සිදු වන ගනුදෙනු QR කේතය මගින් සිදු වන ගනුදෙනු බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ප්‍රචාරක සැලැස්මක් සකස් කළ හැකි නම් එය ඉතා හොද හැරවුම් ලක්ෂයක් බවට පත් වනු ඇතැ’යි මම සිතනවා. ඒ තුළින් ඔබේ ප්‍රචාරණ අවශ්‍යතාව ඉටු වෙනවා වගේම එම මාදිලියේ වෙනසක් සිදු වෙනවා.

අපේ සමාජය අලුත් දේ වැලඳ ගැනීමට සූදානම්. හැබැයි, අලුත් දේ ආකර්ෂණීය සහ පහසු නැත්නම් ජනතාව එය වැලඳ ගන්නේ නැහැ. ඒ නිසා, මෙම ක්‍රියාවලිය පණ ගැන්වීම සඳහා අවශ්‍ය උත්තේජනය අපි සැපයිය යුතුයි. මොකද සමාජය කාර්යක්ෂම දේ වැලඳගත යුතුයි. ඒ නිසා රජය, බැංකු සහ මූල්‍ය සමාගම් එම ආරම්භක පියවර අරන් දුන්නොත් වේගවත්ව සමාජය තුළ මෙම වැඩපිළිවෙළ ප්‍රචලිත වීමට පටන් ගන්නවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සහාය සහ මැදිහත් වීම ඔබ සියලු දෙනාගෙන් මම අපේක්ෂා කරනවා.

ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා

අපේ රටේ රුපියල් ට්‍රිලියන 1.48ක නෝට්ටු සහ කාසි සැරිසරනවා. එහෙම මුදල් නෝට්ටු මත යැපෙන ආර්ථිකයක් තමයි අපි ඩිජිටල් කරන්න යන්නේ. අද වන විට අපේ බැංකු පද්ධතිය ඉතා හොඳින් ඩිජිටල්කරණය වෙලා තිබෙනවා. වයස 18ට වැඩි ජනගහනයෙන් සියයට 89කට බැංකු ගිණුම් පවතිනවා. ඒ වගේම රට පුරා ATM මැෂින් තිබෙනවා. QR පද්ධතිය ආරම්භ වෙලා තියෙන්නේ වසර ගණනාවකට පෙර. එහෙත් එයින් ගත හැකි ප්‍රයෝජන ජනතාවට විවෘත වෙලා තියෙන්නේ, ඒ ගැන ජනතාවට අවබෝධය හැදිලා තියෙන්නේ ඉතාමත් අවම වශයෙන්. ඒ නිසා, ඒක තව ඉස්සරහට ගිහින් තමයි National QR adoption Programme අද අපි හඳුන්වා දෙන්න යන්නේ.

මේ QR තාක්ෂණය අපේ රටේ තිබුණාට එය භාවිත කර තමන්ගේ ගෙවීම් කරන්නේ ඉතාමත් අඩුවෙන්. අපේ රටේ සිල්ලර වෙළෙඳාමෙන් 99%ක්ම තවම සිදු වන්නේ මුදල් භාවිත කිරිමෙන්. පසුගිය වසරේ අවසන් කාර්තුව ගත්තාම QR භාවිත කර ගෙවිම් කර තිබෙන්නේ ලක්ෂ 4ක පමණ පිරිසක් පමණයි. ඒ නිසා ජනතාව ඊට පෙළඹ වීමට අපි බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර සංවිධාන අපෙන් අහන දෙයක් තමයි ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා නම් ඇයි ජනතාව ඒවා භාවිතයට ගෙන ගනුදෙනු කරන්නේ නැත්තේ කියලා. ඒකට රටේ ආර්ථිකය වගේම ජනතාවගේ චර්යාවනුත් වෙනස් කළ යුතුයි. අපි මේ උත්සාහ කරන්නේ ඒකටයි.

තමන්ගේ බැංකු ගිණුම් භාවිත කර ලියාපදිංචි වුණොත් ඒ හැම කෙනෙකුටම පාර අයිනේ වෙළෙඳාම් කරන වෙළෙන්දෙක්ගෙන් වුණත් තැඹිලි ගෙඩියක් QR භාවිත කර මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සඳහා ජනතාව උනන්දු කරවීම දිරිමත් කිරිමට උපක්‍රම තෝරා ගත යුතුයි. ඒ සඳහා අපි මෙමගින් ගෙවීම් කිරිමේදි රුපියල් 5000ට අඩු කිසිදු ගෙවීමක් සඳහා සේවා ගාස්තුවක් අය නොකිරිමට මූල්‍ය සමාගම් සමග එකඟත්වය ඇති කර ගෙන තිබෙනවා. ඒ වාගේම කඩිනමින් මේ සඳහා වෙළෙඳුන් සහ ජනතාව පොළඹවා ගැනීම සඳහා දිනුම් ඇදීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එසේම, මේ පිළිබඳව රට පුරා දැවැන්ත ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් අපි සැලසුම් කර තිබෙනවා.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

පසුගිය කාලය තුළ QR ක්‍රමවේදය එතරම් ප්‍රචලිත වුණේ නැති හේතුව පිළිබඳව සොයා බලා ඒ අනුව විශේෂ ක්‍රමවේද දෙකක් අද දින හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මෙය විශාල පිම්මක් ඉදිරියට යාමක් විය හැකියි. ඉන් පළමුවෙනි කරුණ වන්නේ රු. 5000ට අඩු ගෙවීම් සඳහා කිසිම වියදමක් නොකර ගනුදෙනු කිරීමේ හැකියාවයි. ඒ වෙනුවෙන්, යම්කිසි ආකාරයක වියදම දරා ගැනීමට එකඟ වීම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය සහ Lanka Pay ආයතනවලට මගේ ස්තූතිය පිරිනමනවා.

දෙවෙනි කරුණ තමයි, P to P පුද්ගලානුබද්ධ ගනුදෙනු. විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල මෙය වඩාත් ප්‍රචලිත වීමට හේතුව වන්නේ පාරිභෝගිකයා මෙම ගනුදෙනුව සඳහා වෙළෙඳසැලට අනිවාර්යයෙන් යා යුතු වන්නේ නැහැ. බොහෝ විට විශාල ප්‍රමාණයක් ගනුදෙනු කෙරෙන්නේ පුද්ගලයන් අතරයි. මෙවර සිදු කරන වඩාත් වැදගත්ම වෙනස මෙයයි. මුදල් භාවිත නොකර QR එක මුද්‍රණය කර ගෙන ළඟ තබා ගැනීමෙන් ඕනෑම වෙලාවක, ඕනෑම තැනකදී තම ගනුදෙනු කළ හැකි වෙනවා.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වීය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතනවල සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරින් ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share69Tweet43
Previous Post

කළුබෝවිල විදෙස් කතක් මැරූ චීන ජාතිකයා ‘අයිස්’ එක්ක කොල්ලුපිටියේදී කොටුවෙයි

Next Post

ලාෆ් ගෑස් තොගයක් ඇවිත් – අද සිට බෙදන බව සමාගම කියයි

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.