බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යාන්තර පොලිස් සමුළුවකට ගොස් එංගලන්තයේ ගල් වුන පොලිසියේ 04ට සේවය අත්හැර යෑමේ නියෝග…

by editor
ජූනි 15, 2023
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර පොලිස් සංගමයේ   (INTERNATIONAL POLICE ASSOCIATION) 65වන සංවත්සරය සැමරීම සඳහා වැඩමුළුවකට සහභාගී වීමට එංගලන්තයේ නෝටිංහැම්ෂයර් ප්‍රාන්තරයේ ජාත්‍යාන්තර පොලිස් සංගම් ශාඛාව වෙත පසුගිය 25 වැනිදා පිටත් වූ පොලිස් නිලධාරින්  05 දෙනා අතරින් සිවු දෙනෙක් නිවාඩු අනුමත කරගෙන ගිය කාල සීමාව තුළ  නියමිත පරිදි යළි රටට  පැමිණ    රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන්  ඔවුන් වෙත සේවය අතහැර යෑමේ නියෝග නනිකුත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.

මෙම වැඩමුළුව සඳහා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක්, හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහභාගී වී ඇත්තේ තමන්ගේ පුද්ගලික නිවාඩු අනුමත කරගෙන තමන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමෙන් බව එම නිවේදනයේ දැක්වේ .

උප පොලිස් පරීක්ෂකවරයා මාස 06ක නිවාඩු අනුමතකරගෙන මෙම ගමනට සහභාගී වී ඇති අතර අනෙක් පොලිස් නිලධාරීන් සිවු දෙනා සමුළුව පැවැත්වෙන සතියක කාලය ආවරණය වන පරිදි 2023.05.25 සි 2023.06.03 දක්වා කාලය තුළ පුද්ගලික නිවාඩු අනුමත කරගෙන ගොස් තිබේ.

එහෙත් පසුගිය 04 වැනිදා සේවයට වාර්තා කළ යුතුව තිබූ    නිලධාරීන් සිවු දෙනා  සේවයට වාර්තා නොකළ බැවින් ඔවුන් සම්බන්ධව සොයා බැලීමේ දී ඔවුන් ලංකාවට පැමිණ නැති බව හෙළි වූයේ යැයි  පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එබැවින් ඔවුන්ට සේවය අත්හැර යෑමේ නියෝග නිකුත් කිරීමට පොලිස් ක්‍රීඩඩා කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල්පතිනියගේ බැංකු ගිනුම් පරීක්ෂාවට අධිකරණ නියෝගයක්…

Next Post

ස්වයං ප්‍රකාශිත දිවැසිවර ජෙරොම්ට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතින් නඩු දාන බව නීතිපති කියයි!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.