ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ශ්‍රි ලංකා පුවත්පත් පැමණිලි කොමිසමේ පැමිණිලි නිලධාරියා ලෙස ද කටයුතු කළ කමල් ලියනාරච්චි මහතා ඊයේ සවස හදිසියේ අභාවප්‍රාප්ත විය. ඇත්ත පුවත්පතේ කලක් සේවය කළ ලියනාරච්චි මහතා දිගු කලක් ලක්බිම පුවත් පතට සම්බන්ධ වී එහි කටයුතු කළ අතර පසුව ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේද ඔහු සේවය කළේය.
ලියනාරච්චි මහතා මාධ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීය මට්ටම දියුණු කිරීමේ කටයුතුවලදී ගුරුවරයකු ලෙසින් මෙන්ම පුහුණු වැඩ සටහන් සම්බන්ධිකාරකයකු ලෙස වෘත්තිය වෙනුවෙන් තම කැප කිරීම් කළ මාධ්‍යවේදියෙකි.
මාධ්‍යවේදිනී කමනි හෙට්ටිආරච්චි මහත්මිය සමඟ විවාහ වී සිටි ලියනාරච්චි මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.