තමන්ට පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහන්නට සිදුවූයේ විශේෂ තත්වයක් යටතේ දී බවත්, ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට හැකි නම් තමන් මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්දැයි විමසන බවත් ප්‍රසන්න රණවීර විමසා සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ මීට පසුගිය 29 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
රන්ජන් රාමනායක, පාලිත තෙවරප්පෙරුම වැනි අය පාර්ලිමේන්තු සභා ගැබට පිහි කිනිසි අරන් ආ බව කියන ප්‍රසන්න රණවීර එවන් තත්වයක් යටතේ මිරිස් කුඩු ගැසීමේ වරද කුමක් දැයි විමසීය.
ඔහු වැඩිදුරටත් කියන්නේ මිරිස්කුඩු තහනම් භාණ්ඩයක් නොවන බවය. තමන් හෝ ජනාධිපතිවරයා මිරිස් කුඩු ගැසීම අනුමත නොකළත් තමන්ට මිරිස්කුඩු ගසන්නට සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට බවත් ඔහු කීය.