නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී අවුරුදු 01යි මාස 11ක් වන දැරියක් ජල ටැංකියකට වැටිමෙන් මියගොස් තිබේ.
තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවල දී තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
දැරිය ජල ටැංකියට වැටීමෙන් පසු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මිය
ගොස් ඇත.
මියගොස් ඇත්තේ වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇති බව වාර්තා වෙයි.