විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය වන ජලනී ප්‍රේමදාස විසින් පවත්වාගෙන යන ජාල් නැමති රූපලාවන්‍යාගාරය පිහිටි භූමියට අදාල බදු ගිවිසුම නිමා වී වසර හතරක් ගොස් ඇති නමුත් කිසිම වලංගු ගිවිසුමකින් තොරව, කිසිම බදු මුදලක් නොගෙවා සිය බලය යොදවමින් බලහත්කාරයෙන් පදිංචි වී සිටින අතර තමන්ට තර්ජන සහ බලපෑම් ද සිදුකරන බව එම භූමිය හිමි පාර්ශවය අධිකරණය ඉදිරියේ නඩුවකරයක් ගොනු කර ඇත.
කොළඹ හත මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි මෙම ඉඩමේ හිමිකාර පාර්ශවය වෙනුවෙන් දුෂාන්ත තෙන්නකෝන් පවසන්නේ වසර දහයක බදු ගිවිසුමකට යටත්ව වර්ෂ 2008 දී මෙම ඉඩම ජායි රූපලාවන්‍යාගාරය වෙත ලබා දුන් බවත් වර්ෂ 2018.12.31 දී එම බදු ගිවිසුම නිමා වූ බවත්ය.
එතැන් සිට යළි මේ භූමිය පවරා නොදී කිසිම කුලියක් ද නොගෙවමින් ජලනී ප්‍රේමදාස මෙම භූමියේ බලහත්කාරයෙන් පදිංචි වී සිටින බවත් ඒ සම්බන්ධව අධිකරණයේ නඩුකරයක් ගොනු කර ඇති බවත් ඉඩම් හිමිකාරිත්වය පවසන්නේය. නඩුව පවත්වාගෙන යන අතර බලහත්කාරයෙන් පදිංචි වී සිටින ජලනි ප්‍රේමදාස එම භූමියේ නව ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුකරමින් ඇති අයුරුද ඉඩම් ඉහිමිකාරිත්වය පෙන්වා දෙන්නේය.
මෙම බලහත්කාර අත්පත් කරගැනීමට එරෙහිව නිහඬ විරෝධතාවයක් තමන් විසින් පවත්වනු ලැබූ බවත් ඉන් අනතුරුව ජලනී ප්‍රේමදාස පුද්ගලික ආරක්ෂක අංශයකින් ආරක්ෂකයින් රැගෙන විත් ආරක්ෂාව තර කළ බවත් දුෂාන්ත තෙන්නකෝන් කියන්නේය.
A protest was held outside Jaal Salon on Maitland Crescent, Colombo 07 demanding the property to be returned to its rightful owner, Mr. Tennekoon.
Jaal Salon is owned and managed by Jalani Premadasa, wife of opposition leader, Sajith Premadasa. pic.twitter.com/pTrC3iJSEK
— DailyMirror (@Dailymirror_SL) October 1, 2022
මේ වනවිට ජලනී ප්‍රේමදාසගේ පෞද්ගලික ආරක්ෂයකින් සහ රියදුරන්ගෙන් තමන්ට හිරිහැර සහ තර්ජන ඇතැයි ද සිය නිවසේ නිදහසේ ජිවත් විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඉඩම හිමිකාරිත්වය පවසයි. මේ තර්ජන කළ අවස්ථාල පොලිස් පැමිණිලි සිදුකර ඇති බවත් ඔහු කියයි. මෙය ජීවිත තර්ජනයක් දැක්වා යෑමේ අවදානම ද ඔහු අවධාරණය කරයි.
මේ සම්බන්ධව දුෂාන්ත තෙන්නකෝන් විසින් කරන හෙළිදරව්ව පහත වීඩියෝ පටයේ දැක්වේ.