බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයවර්ධනපුර රෝහලේ වකුගඩු මාෆියා දොස්තරට එරෙහිව තීන්දුවක් ගන්න හිටපු සෞඛ්‍ය ලේකම් මහීපාලට කොන්දක් තිබිලා නැතිලු….

by editor
නොවැම්බර් 27, 2024
in පුවත්
Kidny racat

රෝගියාගෙන් ඉවත් කළ වකුගඩු යුවල.....

Share on FacebookShare on Twitter

වකුගඩු බද්ධය සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ  වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන මෙන් හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  රෝහලේ පාලන අධිකාරියට කළ දැනුම් දීම මත ඔවුන් ලබාදුන් පරික්ෂණ වාර්තාවට නිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් පෞරුෂයක්  ඔහුට නොතිබුණු බවත්,  වෘත්තීය සමිතිවල සිරකරුවෙක් වී හිඳිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන සාහසික අපරාධ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා ලෙස තීන්දු ගැනීමට නොහැකි වීම    ඔහුට සිය තනතුරු අහිමි වීමට එක් හේතුවක් වූ බවත් සෞඛ්‍ය  අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලිත මහීපාල

ජයවර්ධනපුර  රෝහල මගින් සිදුකළ ප්‍රාථමික පරික්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් මගින් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර වරදකරුවන්  සම්බන්ධයෙන් දැඩි තිරණයන් ගන්නා බවට සෞඛය ලේකම්වරයා ප්‍රකාශක කළද ඔහු කිසිදු තීරණයක්ගත් බව දැනගැනීමට නොමැති බව  අමාත්‍යංශය ප්‍රකාශකයෙක්  ලංකාසර වෙත පැවසුවේය.

රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා නැවත වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුනොකර සැත්කම් වර්ජනය කළ ජයවර්ධන පුර රෝහලේ මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍ය  නිරෝෂන් එල්. සෙනවිරත්නගේ අගතිගාමි ක්‍රියාකලාපය පිළිබඳ පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ජයවර්ධනපුර රෝහලෙන්  සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු  කර තිබිණි.

වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනී නැමැති කාන්තාවගේ  වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය වෙත කළ දැනුම් දීමට අනුව මෙම පරීක්ෂණය රෝහල විසින් සිදුකළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පරික්ෂණ වාර්තාවෙන් හෙළිදරවු වී තිබුණේ  මෙම විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී කාන්තාවගේ වකුගඩු යුවල ගලවා දමා වකුගඩුවක් බද්ධ නොකර පුරා මාස හයක් තිස්සේ වකුගඩු බද්ධය අත්තනෝමතිකව ප්‍රතික්ෂේප කර ඇති බවය.

එසේ මගහැරිම හේතුවෙන් මෙම කාන්තාවට මාස හයක කාලයක් පුරා සතියකට දින දෙක බැගින් රුධිර කාන්දු පෙරණ වාර 55ක් සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වියදම් කිරිමට සිදුකරවමිනි.

මේ පිළිබඳව එම කාන්තාව ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරියට කළ පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බිහිසුණු යථාර්ථය වී තිබුණේ මෙම චූදිත වෛද්‍යවරයා මේ ආකාරයෙන් රෝගීන් අපහසුතාවයට පත් කර සිය පුද්ගලික සේවාවන් පවත්වන තලවතුගොඩ රෝහලකට රැගෙන විත් නිර්දය ලෙස රෝගීන් සූරාකෑමේ ජාවාරමක පුරා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ යෙදී ඇති බවය.

සිද්ධිය පිළිබඳව වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා ද දැනුම්වත් බවත්, ඔහු සෞඛ්‍ය ඇමති ධූරයේ කටයුතු භාර ගැනීමටත් පෙර මෙම අපරාධය ගැන දැනුම්වත්ව ඇති බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ඇමති සහෝදරයා… අත්‍යවශ්‍ය ඖෂධ නෑ… මාවනැල්ල රොහලේ රෝගීන් පහක් දැනට මිය ගිහින්!

Next Post

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉවත් කරන්න… මහා ශිෂ්‍ය සංගමය ජනපතිට ලිපියක් යවයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.