වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයවරුවන් බණ්ඩාර හෙට උදෑසන 8ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අද සවස ඒ සම්බන්ධව දැන්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට දැනුම් දී ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ කළ කරුණු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ විසින් සිදුකරන ලද පැමිණිලි ප්‍රකාරව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විශේෂ විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මැකීම සහ ඖෂධ නිශ්පාදනය සම්බන්ධව ඔහු කරන ලද ප්‍රකාශ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැවැත්වීමට නියමිතය.
මේ අතර හෙට (01) ඔහුට එරෙහි විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට සූදානම් කර තිබිණි.