ජම්මු හා කාශ්මීරයේ රාජෝරි හා අනන්තනාග් දිස්ත්රික්කවල මනරම් භූ දර්ශනවලටත්, එම ප්රදේශයන් හි සුවිශේෂී ගුණ හා නිර්මාණ සඳහා භූගෝලීය දර්ශක (ජීඅයි GI) ටැග් ලබා දී තිබේ.
ජීඅයි ටැග් කිරීමේ මුලපිරීම ඇරඹුණේ 2020 දෙසැම්බරයේදී NABARD හස්ත කර්මාන්ත, අත්යන්ත්ර දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද සහයෝගී ප්රයන්තයකදී ය. එය කලාපයේ පැරණි ශිල්ප හා කෘෂිකාර්මික නිමැවුම් වෙත නව ජීව ශක්තියක් සේම වැඩි අලෙවියක් ලබා දීම වෙනුවෙන් සිදු කරන ලද කාර්යයකි.
කාශ්මීරයේ කෘෂිකර්ම අධ්යක්ෂ චෞද්රි මුහම්මද් ඉක්බාල් පැවසුවේ, අනත්නාග් දිස්ත්රික්කයේ මුෂ්ක්බුඩ්ජි සහල් ප්රභේදයට ලබා දී ඇති ජීඅයි ටැගය, විශිෂ්ට රසයක්, සුවඳක් සහිත කාබනික සුවිශේෂී සහල් ප්රභේදය ප්රවර්ධනය කිරීමට සැලකිය යුතු සේවයක් සිදු කරන බවයි.
එලෙසම රාජෝරි දිස්ත්රික්කයේ චික්රි ලී නිර්මාණ සඳහා ද හස්තකර්මාන්ත හා අත්යන්ත්ර දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති ජීඅයි ටැගය ජම්මු පළාතේ ලී ශීල්පීය ක්රමය වැඩිදියුණු කිරීමටත්, ජම්මුහි සුන්දරත්වය ලෝකයට ප්රදර්ශනය කරමින්ම, ලී නිර්මාණ අලෙවි කිරීමටත් අවස්ථාව සලසයි.