සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපාන අධිරාජ්‍යයාත් ශෝකයට පත් කරමින් අපේ මල් සහ පැළ අපනයනයේ රජා දිවියට සමුදෙයි

හියුජේ ඉන්ටර්නැෂනල් නිර්මාතෘ හියුබට් ජයකොඩිගේ අවසන් කටයුතු ජපානයේ දී

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2020 - Updated on දෙසැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කැපූ මල් සහ විසිතුරු පැළ ආනයනයේ රජු ලෙසින් සැලකෙන ප්‍රකට ව්‍යාපාරික හියුබට් ජයකොඩි මහතා පසුගියදා (දෙසැම්බර් 04) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය දෙසැම්බර් 08 වැනිදා ජපානයේ නරිතා හිදී චාම් එහෙත් ගෞරවනීය අන්දමින් පැවැත්වූ බව පවුලේ සාමාජිකයෝ පවසති.

ජපානයේදී දේහයට ගෞරව

මිය යන විට 84 වියේ පසුවූ ඔහු ජපානයේ කලක පටන් ජීවත් වූ අතර එහිද ඔහුට ව්‍යාපාර ගණනාවක් පැවතිණි. හියුබට් ජයකොඩි මහතා 1974 දී තම ව්‍යාපාරය හියුජේ ඉන්ටර්නැෂනල් නමින් ආරම්භ කළ අතර ඔහු මූලිකව මැණික් , ආභරණ සහ කුළුබඩු අපනයනකරුවකු ලෙස තම ව්‍යාපාර ජීවිතය ආරම්භ කළේය. ජපානය සමඟ ඉතා ශක්තිමත් සබඳතාවත් පවත්වාගෙන ගිය හියුබට් ජයකොඩි මහතා තම ආයෝජන රැසක් සිදු කළේ ශ්‍රි ලංකාවේය.

ශ්‍රි ලංකාව සහ ජපානය අතර විවිධ මට්ටමේ වෙළෙඳ සබඳතා නිර්මාණය කළ අතර එයින් කැපූ මල් සහ විසිතුරු පැළ අපනයනය මෙරට සුළු පරිමාණ වගාකරුවන්ට ද අපනයන දොරටු විවර කර දීමට සමත් වූ ව්‍යාපාරයක් ලෙස මෙරට තුළ ප්‍රචලිත විය.

හියුජේ ඉන්ටර්නැෂනල් සමාගම මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත පොදු සමාගමක් ව පවතින අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද හියුබට් ජයකොඩි මහතාය. ඔහු කලකට පෙර ඇරඹූ කානේෂන් මල් අපනයන ව්‍යාපාරයද මෙරට ව්‍යාපාර කෂේත්‍රය තුළ අවධානය දිනා ගැනීමට ලක් වූ එකකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජපානය සමඟ වැඩි ව්‍යාපාර ඇසුරක් පැවැති හියුබට් ජයකොඩි මහතා පසුගිය දශක කිහිපයේ ම වැඩි කලක් ගත කළේ ජපානයේය. එසේ වුවද ශ්‍රි ලංකාව සහ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා උනන්දුවක් දැක්වූ ඔහු ශ්‍රි ලංකා එක්ස්පෝ වෙළෙඳ ප්‍රදර්ශන ගණනාවකට තම නායකත්වය ලබා දුන්නේය.

ජපාන අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයන් සමඟද ඔහු දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළ අතර මිය යාමට ටික දිනකට පෙර ඔහු ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාද හමුවී ඇත.

මේ නිසාම ජයකොඩි මහතාගේ අභාවය පිළිබඳව ජපාන රාජකීය මන්දිරයෙන් නිල ශෝක ප්‍රකාශයක්ද ඔහු වෙනුවෙන් නිකුත් විය.

හියුබට් ජයකොඩි මහතාට දරුවන් දෙදෙනෙකි. ඒ රොහාන් සහ ශිරාණිය. රොහාන් වීවාහ වූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එකම දියණිය වූ දූලාංජලී සමගිනි. රොහාන් සහ දුලංජලීගේ දරුවන් දෙනො තම සීයා පිළිබඳව ගුණ කථන දෙකක් ලියා ඇති අතර එයින් අනර්ගා ජයකොඩි මෙනවිය පවසන්නේ තම සීයා කෙරෙන් දුටු වැදගත්ම ගුණාංගය කිසිදු අයුරකින් පසුබට නොවීමේ ගුණයයි.

දුලාංජලී , හියුබට් සහ රොහාන්

ව්‍යාපාර ජීවිතයේ අතිශය දුෂ්කර කාලවකවානුවලදී ඔහු අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ බවත් ජපානය වැනි රටකට ගොස් තම ව්‍යාපාර එරට ස්ථාපනය කිරීම තුළින්ම එය තහවුරු වන්නක් බවත් ඇය පවසයි. ඇය පවසන්නේ අද ඔවුන් විඳින ආරක්ෂිත සුව පහසු පසුබිම ට අවැසි පදනම දැමුවේ හියුබට් ජයකොඩි නැමති චරිතය බවය.

රොහාන් දුලංජලී යුවළගේ පුත් සනෝජ් ද පවසන්නේ කලකට පෙර ජපානයට ගිය ඔහු දුටුවේ වැයපත් ව සිටියද තම අරමුණු වෙනුවෙන් සිය සීයාගේ පැවැති කැපවීම සමාජයේ කාටත් ආදර්ශයක් වන බවය. පවතින කවර බාධාවක් මැද හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වීම ඔහු තුළ දැකිය හැකිව තිබූ ලක්ෂණයක් බව සනෝජ් පවසයි.

ව්‍යාපාර ලෝකය තුළ යම් ලකුණක් තැබු මේ අසහාය ව්‍යවසායකයා ජපානයේ සිටියද ඔහුගේ සිත නිතරම ශ්‍රි ලංකාවේ තිබූ බව දුලංජලී ජයකොඩි මහත්මියද අප සමඟ සඳහන් කළාය.

පවතින වසංගත තත්තවය හමුවේ කොළඹ සිටින ජයකොඩි මහතාගේ ඥාතීන්ට සමීපයින්ට අවසන් කටයුතුවලට සහභාගී වීමට නොහැකි වුවද බෞද්ධ ආගමික වත්පිළිවෙත්වලට අනුව ජපානයේ නරිතා හිදී ජයකොඩි මහතාගේ අවසන් කටයුත සිදු කිරීමට කටයුතු යෙදිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දිනට කොවිඩ් ආසාදිතයන් 650යි..

Next Post

නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන් තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.