ශ්‍රි ලංකාවේ කැපූ මල් සහ විසිතුරු පැළ ආනයනයේ රජු ලෙසින් සැලකෙන ප්‍රකට ව්‍යාපාරික හියුබට් ජයකොඩි මහතා පසුගියදා (දෙසැම්බර් 04) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය දෙසැම්බර් 08 වැනිදා ජපානයේ නරිතා හිදී චාම් එහෙත් ගෞරවනීය අන්දමින් පැවැත්වූ බව පවුලේ සාමාජිකයෝ පවසති.
මිය යන විට 84 වියේ පසුවූ ඔහු ජපානයේ කලක පටන් ජීවත් වූ අතර එහිද ඔහුට ව්‍යාපාර ගණනාවක් පැවතිණි. හියුබට් ජයකොඩි මහතා 1974 දී තම ව්‍යාපාරය හියුජේ ඉන්ටර්නැෂනල් නමින් ආරම්භ කළ අතර ඔහු මූලිකව මැණික් , ආභරණ සහ කුළුබඩු අපනයනකරුවකු ලෙස තම ව්‍යාපාර ජීවිතය ආරම්භ කළේය. ජපානය සමඟ ඉතා ශක්තිමත් සබඳතාවත් පවත්වාගෙන ගිය හියුබට් ජයකොඩි මහතා තම ආයෝජන රැසක් සිදු කළේ ශ්‍රි ලංකාවේය.
ශ්‍රි ලංකාව සහ ජපානය අතර විවිධ මට්ටමේ වෙළෙඳ සබඳතා නිර්මාණය කළ අතර එයින් කැපූ මල් සහ විසිතුරු පැළ අපනයනය මෙරට සුළු පරිමාණ වගාකරුවන්ට ද අපනයන දොරටු විවර කර දීමට සමත් වූ ව්‍යාපාරයක් ලෙස මෙරට තුළ ප්‍රචලිත විය.
හියුජේ ඉන්ටර්නැෂනල් සමාගම මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත පොදු සමාගමක් ව පවතින අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද හියුබට් ජයකොඩි මහතාය. ඔහු කලකට පෙර ඇරඹූ කානේෂන් මල් අපනයන ව්‍යාපාරයද මෙරට ව්‍යාපාර කෂේත්‍රය තුළ අවධානය දිනා ගැනීමට ලක් වූ එකකි.
ජපානය සමඟ වැඩි ව්‍යාපාර ඇසුරක් පැවැති හියුබට් ජයකොඩි මහතා පසුගිය දශක කිහිපයේ ම වැඩි කලක් ගත කළේ ජපානයේය. එසේ වුවද ශ්‍රි ලංකාව සහ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා උනන්දුවක් දැක්වූ ඔහු ශ්‍රි ලංකා එක්ස්පෝ වෙළෙඳ ප්‍රදර්ශන ගණනාවකට තම නායකත්වය ලබා දුන්නේය.
ජපාන අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයන් සමඟද ඔහු දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළ අතර මිය යාමට ටික දිනකට පෙර ඔහු ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාද හමුවී ඇත.
මේ නිසාම ජයකොඩි මහතාගේ අභාවය පිළිබඳව ජපාන රාජකීය මන්දිරයෙන් නිල ශෝක ප්‍රකාශයක්ද ඔහු වෙනුවෙන් නිකුත් විය.
හියුබට් ජයකොඩි මහතාට දරුවන් දෙදෙනෙකි. ඒ රොහාන් සහ ශිරාණිය. රොහාන් වීවාහ වූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එකම දියණිය වූ දූලාංජලී සමගිනි. රොහාන් සහ දුලංජලීගේ දරුවන් දෙනො තම සීයා පිළිබඳව ගුණ කථන දෙකක් ලියා ඇති අතර එයින් අනර්ගා ජයකොඩි මෙනවිය පවසන්නේ තම සීයා කෙරෙන් දුටු වැදගත්ම ගුණාංගය කිසිදු අයුරකින් පසුබට නොවීමේ ගුණයයි.
ව්‍යාපාර ජීවිතයේ අතිශය දුෂ්කර කාලවකවානුවලදී ඔහු අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ බවත් ජපානය වැනි රටකට ගොස් තම ව්‍යාපාර එරට ස්ථාපනය කිරීම තුළින්ම එය තහවුරු වන්නක් බවත් ඇය පවසයි. ඇය පවසන්නේ අද ඔවුන් විඳින ආරක්ෂිත සුව පහසු පසුබිම ට අවැසි පදනම දැමුවේ හියුබට් ජයකොඩි නැමති චරිතය බවය.
රොහාන් දුලංජලී යුවළගේ පුත් සනෝජ් ද පවසන්නේ කලකට පෙර ජපානයට ගිය ඔහු දුටුවේ වැයපත් ව සිටියද තම අරමුණු වෙනුවෙන් සිය සීයාගේ පැවැති කැපවීම සමාජයේ කාටත් ආදර්ශයක් වන බවය. පවතින කවර බාධාවක් මැද හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වීම ඔහු තුළ දැකිය හැකිව තිබූ ලක්ෂණයක් බව සනෝජ් පවසයි.
ව්‍යාපාර ලෝකය තුළ යම් ලකුණක් තැබු මේ අසහාය ව්‍යවසායකයා ජපානයේ සිටියද ඔහුගේ සිත නිතරම ශ්‍රි ලංකාවේ තිබූ බව දුලංජලී ජයකොඩි මහත්මියද අප සමඟ සඳහන් කළාය.
පවතින වසංගත තත්තවය හමුවේ කොළඹ සිටින ජයකොඩි මහතාගේ ඥාතීන්ට සමීපයින්ට අවසන් කටයුතුවලට සහභාගී වීමට නොහැකි වුවද බෞද්ධ ආගමික වත්පිළිවෙත්වලට අනුව ජපානයේ නරිතා හිදී ජයකොඩි මහතාගේ අවසන් කටයුත සිදු කිරීමට කටයුතු යෙදිණි.