කීර්ති ප්‍රනාන්දු –
ගුරු උද්ඝෝෂණයේ යෙදුනු ගුරුවරුන් 42 දෙනෙක් මීට ස්වල්ප වෙලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
අයුතු අවහිරය, නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මං මාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගය අවහිර කිරීම, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම යන චෝදනා මත මේ ගුරු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අරත ගුරුවරු 26ක් හා ගුරුවරියන් 16ක් වෙති.
මේ රටේ පවතින තත්වය මත උද්ඝෝෂණ නොකරන ලෙස පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට දැනුම් දී තිබිය දී මෙම උත්ඝෝෂණය සිදුකළ බව පොලිසිය පවසයි.
පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත් අඩංගුවට ගත් ගුරු පිරිසෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇත.