බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරිය ඩොලර් ලක්ෂ 03ක් සොරා කෑමේ වරද ඇමරිකානු අධිකරණයක් ඉදිරියේ පිළිගනී…

by editor
අප්‍රේල් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • දඬුවම් නියම කිරීම  ජූලි මාසයේ… අවුරුදු පහක් දක්වා බන්ධනාගාරගත විය හැකියි…  අධිකරණ ආරංචි මාර්ග කියයි…

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙක් වන  ඇමරිකාවේ හිටපු  තානාපති ජාලිය වික්‍රමසූරිය,  ශ්‍රී ලංකා රජය සතු  ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක්  අපහරණය  කිරීම සම්බන්ධව තමන් වැරදිකරු බව ඇමරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ පිළිගෙන ඇති බව එරට මාධ්‍ය වර්තා සඳහන් කරයි.

ඔහු එම වරද පිළිගත් බව ඇමරිකානු නීතිඥයින්වන  මැතිව් එන් ගෙ‍්‍රව්ස්,  ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වොෂින්ටන් ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානී  රේමන් වෙලේනුවා, ඇතුළු කණ්ඩායමක් විසින් නිවේදනය කරනු ලැබ ඇත.

දැනට ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ  ආලින්ටන් හි පදිංචිව සිටින ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කරන කාලයේ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා  තානාපතිවරයා  ලෙස  වසර  2008 සිට 2014 දක්වා කාලය තුළ කටයුතු කළේය.

ඔහු මහින්ද, ගෝඨාභහ සහ බැසිල්  රාජපක්ෂලාගේ සමීපතම ඥාති සහෝදරයකි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔහු විසින්  පිළිගත්  වරදට   දඬුවම් ලබා දීම විනිසුරු ටානියා එස්.චුට්කාන්  විසින් ලබන ජූලි මස 20   වැනිදාට කල් තබන අතර  අදාල චෝදනා හමුවේ ඔහුට වසර පහක උපරිම සිර දඬුවමක් සහ මූල්‍යමය දඩ නියම වීමට  නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

අධිකරණ ලේඛණවලට අනුව  2012 සහ 2013 නොවැම්බර් දක්වා කාලය තුළ වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  සඳහා නව ගොඩනැගිල්ලක්  මිලදී ගැනීමට ඔහු  එම ගොඩනැගිල්ලට දක්වා තිබූ මිලට වඩා  ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහස් විසි හතක් වැඩියෙන් සඳහන් කර ඇති බව  මූල්‍ය විමර්ශන වලදී හෙළි දරව් වී ඇත.

එසේ ශ්‍රි ලංකා රජයෙන් එම මුදල ලබාගෙන දේපල ව්‍යාපාර  සඳහා  කිසිම සම්බන්ධයක් නැති සමාගම් දෙකකට එම මුදල් බැරකිරීමට කටයුතු කර ඇති බවට ඇමරිකානු විමර්ශන අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළිව තිබේ.

කෙසේ වුවද මෙම විමර්ශන අතරතුර වික්‍රමසූරිය අදාල මුදල් යළිත් ශ්‍රී ලංකා රජය වෙත යළි ලබා දීමට කටයුතු කර ඇති අතර  මේ මගින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අවාසියක් සිදුවී නැතත්  ඒ පිළිබඳව කළ විමර්ශනවලදී  තමන් කළේ වරදක් බව  වික්‍රමසූරිය විසින් පිළිගෙන ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර වැහෙන්නේ අඟහරුවාදා…..

Next Post

භාරකාර රජයකට වැඩිම ඉල්ලීම ආණ්ඩු අභ්‍යන්තරයෙන්… මැති ඇමති මන්ත්‍රී 35ක් සූදානම්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.