ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානය රඳවා ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
හෙට පැවැත්වෙන මහජන උද්ඝෝෂණයේ ඉලක්කගත අවසානය ජනාධිපති මන්දිරය වටලා ජනාධිපති මන්දිරය ඉදිරිපිට අඛණ්ඩ සත්යග්රහයක් පැවැත්විම බව බුද්ධි අංශ තහවුරු කළ පසු ආරක්ෂක උපායමාර්ගයක් ලෙස ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිට කර ඇති බව දැනගන්නට ලැබී ඇත.
මේ වනවිට ඉතිහාසයේ විශාලම පොලිස් බලඇණිය කොළඹ ආරක්ෂාව සඳහා ස්ථානගත කරමින් ඇත. හමුදාවේ පන්දහසකට ආසන්න පිරිසක්ද කොළඹට කැඳවා තිබේ.
මේ අතර ගෝලෆේස් අරගලකරුවන් සමග එක් වූ සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ සිය කණ්ඩායම් වලට තරයේ උපදෙස් දී ඇත්තේ කිසිම ප්රචණ්ඩකාරී ක්රියාවක් සඳහා නොපෙළඹෙන ලෙසය.
නීතිඥ සංගමයත් සාමාකමී උද්ඝෝෂණයක් පිළිබඳ දැඩිව අවධාරණය කර තිබේ. පොලිස්පතිවරයා ප්රකාශයක් නිකුත් කරමින් උද්ඝෝෂණය සාමකාමී නම් කිසිම පොලිස් බාධාවක් සිදුනොවන බව දන්වා ඇත.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ජනාධිපති මන්දිරය වෙත ප්රවේශවන ප්රවේශයන් වෙත උද්ඝෝෂකයන්ට ඇතුළු වීමට ඉඩ නොතබන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්රතික්ෂේප කළේය.