සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක සමයේ පැවැත්වූ හරීන් ගේ “ස්මාට් යූත්”  ආතල් එකේ නිරුවත   විගණනය හෙළි කරයි… විදයම් කළ විදිහක් නැති වියදම කෝටි 3 පැනලා…

by editor
ජූනි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කාලය තුළ දී ජාතික තරුණසේවා සභාව විසින් තරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීමේ තේමාව යටතේ ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා ගන්නට පෙර, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඵලදායී නොවන ආකාරයෙන් රුපියල් තුන්කෝටි දාහතර ලක්ෂ, දාහත් දහස් හත්සිය හැත්තෑ අටක මුදලක් (3, 14, 17,778 ) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

  • 2024 පූර්ව ජනාධිපති මැතිවරණ සමය වු 2024.06.14 හා 2024.06.15 යන දෙදින තුළ මෙම ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පවත්වා තිබුණි.මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමැතිය ලැබිමට පෙර හා අමාත්‍ය මණ්ඩල තීරණය ජාතික තරුණසේවා සභාවට දැනුම් දිමට පෙර ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පවත්වා තිබුණි.
  • අමාත්‍ය මණ්ඩල සංදේශය සදහා 2024 ජුලි මස 15 වැනිදින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි තිබු අතර ඒ බව 2024 ජුලි මස 23 වැනිදින ජාතික තරුණසේවා සභාව වෙත දැනුම් දී තිබුණි.
  • එමෙන්ම මෙහි ඉදිකරණු ලැබු ප්‍රදර්ශන කුටි ප්‍රමාණය, ඒ සඳහා දරනු ලැබු වියදම එමගින් ලැබු ආදායම පිළිබදව තොරතුරු විගණනය වෙත ඉදිරිපත්කොට නොතිබුණි.
  • කෘෂි අංශය විසින් රුපියල් මිලියන 2.22ක මුදලක් වැයකර සකස්කරනු ලැබු පොලිටනල් කුටිය මගින් පාඨමාලා සඳහා ලියාපදිංචිකරගත් සිසුන් සංඛ්‍යාවත් ඒ අනුව සිදුකරණු ලැබු බඳවා ගැනිම් පිළිබඳ තොරතුරුත් විගණනය වෙත ඉදිරිපත්කොට නොතිබු බවද මෙම විගණන වාර්තාවේ සදහන් වේ..
  • තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනිමේ වැඩසහන් තුළ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමතකර නොතිබු මානසික සුවතා වැඩසටහනක් ලෙස සිහිනය වැඩසටහන හිටපු ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ලිඛිත ඉල්ලිම මත මෙහි පවත්වා තිබුණි. මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 1.9කි. එම වැඩසටහන සදහා අමාත්‍ය මණ්ඩල හෝ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණි. මෙම වැඩසටහන් සජීවි ලෙස පටිගත කොට තිබුනද එම විඩියෝ පට ජාතික තරුණසේවා සභාව සතුව නොතිබු අතර එවා විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබුණි.
  • මෙම වැඩසටහන් සඳහා භාණ්ඩ හා සේවා සපයාගැනිමේ දි විධිමත් ක්‍රම වේදයෙන් බැහැරව ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපති හා ඔහුගේ කාර්යාලයෙන් සියලු කටයුතු කිරීම හේතුවෙන් විනිවිද භාවයකින් තොරව ප්‍රසම්පාන කටයුතු සිදුකර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

තරුණයන්ගේ දැනුම කුසලතා නැංවිම ඔවුනට ශිල්පිය දැනුම ලබාදීම සඳහා පුහුණු කටයුතු සිදුකර ජාතික ආර්ථිකයට දායකවීමට අවස්ථාවක් සැලසීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන උපයෝගිකරගැනීම වෙනුවට හුදෙක් රසාස්වාදනය ලබාදීම සඳහා ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජාතික අයවැය චක්‍ර ලේඛය මගින් අරපිරිමැසුම්දායක ලෙස රජයේ වියදම් දැරිමත්, වියදම් අවම කිරිම කටයුතු කළයුතු බවට දන්වා තිබුනද ජාතික තරුණසේවා සභාව විසින් එම චක්‍ර ලේඛන උල්ලංගණය කරමින් කටයුතු කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

 

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චෙම්මනි සිත්තුපාත්තු සමූහ මිනීවලෙන් මිනිස් ඇට සැකිළි 19ක් සොයා ගනී!

Next Post

වව්නියාව විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් 51%කට  අක්ෂි ආබාධ… අක්ෂි සායනයක දී හෙළි වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.