සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි සිට මාස 4කට අතුරු සම්මත ගිනුමක්… සම්මත කරගත් කැබිනට් යෝජනා මෙන්න….

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊයේ පස්වරුවේ නව රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබා ගත් කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කරමින් නව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතව ඇති බවද කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේය.

කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනා පහත දැක්වේ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

එම යෝජනා පහත පරිදි වේ.

  1. ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට මාරු කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් බැංකු වෙත ලබා දීමට නියමිත පොලී සහනාධාර ගෙවීම පිණිස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 130,000ක ප්‍රතිපාදන සලසා ගැනීම
  2. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නමින් ඇති ඩොලර් ගිණුම්වල පවතින ශේෂය මත ඇති වී ඇති විනිමය අලාභය ගිණුම්ගත කිරීම පිණිස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 18,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  3. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත පොලී අනුපාතික ලබා දීමේදි බැංකු විසින් දරන ලද අමතර පොලී ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 32,641ක ප්‍රතිපාදන සැලසීම.
  4. චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදිවල වටිනාකම ගිණුම්ගත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 9,829ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  5. අමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබී ඇති ගුවන් යානා 02 වටිනාකම ගිණුම්ගත කිරීම සහ බදු ගෙවීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 8,331ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  6. වැඩි කරන ලද විශ්‍රාමික දීමනා ගෙවීම පිණිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,4000ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  7. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව මූල්‍ය/ නීති උපදේශකයින් වෙත ශ්‍රී ලංකා මහ බැකුව විසින් සිදුකරන ලද ගෙවීම ප්‍රතිපූරණය කිරීම පිණිස මුදල් අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 3,213ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  8. චීන රජයේ ප්‍රදානයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල කුඩා පරිමාණ ධීවරයින් සඳහා සහන සැලසීමට ලැබී ඇති හදිසි ආදාර ගිණුම්ගත කිරීම පිණි ධීවර අමාත්‍යංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුවක් වෙත රුපියල් මිලියන 1,533ක ප්‍රතිපාදන සැලසීම.
  9. ජපන් රජයේ ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා ලැබී ඇති ඉන්ධන තොගවල වටිනාකම ගිනුම්ගත කිරීම හා රුපියල් මිලියන 5225.5ක තීරු බදු ගෙවීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 10,826ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  10.  පාසල් පෝෂණ වැඩසටහන සඳහා එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් දෛනිකව දැරිය යුතු මුදල රුපියල් 85/- සිට රුපියල් 110/- දක්වා වැඩි කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,800ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  11. ස්වභාවික ආපදා හේතුවෙන් හානියට පත් වූ දේපළ ප්‍රතිසංස්කරනය සඳහා වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන සලසා ගැනීම.
  12. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාරවල රැඳවියන් වැඩිවීම සහ ආහාර මිල ඉහල යාම හේතුයෙන් ආහාරපාන සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400ක ප්‍රතිපාදන සලසා ගැනීම.
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුර උතුරයි…පුද්ගලයින් 31000 ක්   විපතට!

Next Post

E8 වීසා නීති විරෝධීයි… මේ ජවාරමට කිසිම නීත්‍යානුකූල බවක් ලබා දෙන්නේ නෑ… රජය පැහැදිලිව කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.