රටේ ප්‍රභල කලා පවුලකට සම්බන්ධ ජනප්‍රිය තරුණ නළුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
පළමු පී.සී.ආර් පරීක්ෂණයෙන් කොව්ඩ් ආසාදිත බව තහවුරු වූ ඔහු දෙවන පී.සී.ආර්. පරීක්ෂණයෙහි ප්‍රතිඵල ලැබෙන තුරු මේ වනවිට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වූ විට ඔහු ඒ වනවිට රූගත කිරීම්වලට සම්බන්ධ වී සිටි ටෙලි නාට්‍ය කණ්ඩායමත්, රූගත කිරීම් කරමින් සිටිය දී රැස් වූ තෙල්දෙණිය ප්‍රදේශයේ හෝටලයක සේවක පිරිසත් මේ වනවිට නිරෝධායනය කර ඇත.
මෙම තරුණ නළුවා තෙල්දෙණිය හෝටලයේ දී මුණ ගැසුණු බව කියන තවත් කලාකරුවන් කණ්ඩායම් දෙකක් ස්ථාන කීපයක නිරෝධායනයට ලක් කර තිබේ.
එමෙන්ම ඔහු සම්බන්ධ වී ඇති චිත්‍රපටයක රූගත කිරීම් කණ්ඩායමක හා රියලිටි වැඩසටහනක කණ්ඩායමක ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වමින් සිටී.