නතාෂා නෙත්මිණි –
නිදන්ගත රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙකු නිවස තුළදී මිය යන්නේ අඛණ්ඩව ඔවුන් ලබා ගත යුතු ඖෂධ ලබා නොගැනීමෙන් යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද සිල්වා සඳහන් කරයි.
කොරෝනා වෛරසය පැතිර යන ප්‍රදේශයන් හුදකලා කර තිබීම හා ඇදිරිනීතිය පනවා තිබීම හේතුවෙන් රෝගීන්ට රෝහල්වෙත පැමිණීමට නොහැකි වූවා සේම ඇතැම් අය ප්‍රතිකාර ගැනීමට රෝහල්වෙතට පැමිණීට දැක්වූ බිය හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇතැයි හෙතෙම පෙන්වාදේ.
මේ හේතුවෙන් හුදකලා කර තිබෙන ප්‍රදේශයන් හී වෙසෙන නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට ඖෂධ නිවෙස්වෙතට ගෙනගොස් දීම සහ රෝගීන්ව පරික්ෂා කර බැලීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇතැයි ලේකම්වරයා සදහන් කරයි.