ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් හි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණු අවස්ථාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එක් වූයේය.
ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කරමින් හිටපු ජපන් අගමැතිවරයාට අවසන් ගෞරව දැක්වීය.
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති කැමිලා හැරිසන් අතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් අවමංගල්‍ය උත්සවයට එක් වී සිටියහ.