සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති වැට පන්නා විගණකාධිපතිවරයෙක් ගේන්න හැදුවේ ආණ්ඩුවේ හෙළිවීමට නියමිත දූෂණ වහගන්න ද?. මුජිබර් ප්‍රශ්න කරයි!

by editor
ජූනි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රට ඉදිරියේ ගර්හාවට පත් වෙමින් ජනාධිපති අනුර දිසානායක විසින් වැට පන්නා විගණකාධිපතිවරයෙක් පත් කරගන්නට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට එරෙහිව ලබන වසරේ සිට විගණනයවන දූෂණ වසන් කරගැනීමටදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

මේ වනවිට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත යොමු වී ඇති මේ ආණ්ඩුවේ අක්‍රමිකතා චෝදනා යටතට ගැනෙන කන්ටේනර් 323 මුදා හැරීම, මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් පිට ලබා දීම,  ජනාධිපති කාර්යාලයේ සිදුවූ වාහන වෙන්දේසියෙදි රජයට විශාල මුදලක් අහිමි කිරීම, ඇතුළු දූෂණ  විමර්ශනය ආරම්භ වීමට නියමිත බවත් එම විගණනයන් සිදුවන්නේ රටේ විගණකාධිපතිවරයා යටතේ බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“අල්ලස් හෝ දූෂණ විමර්ශනයේ දී විගණකාධිපති තුමාගේ කාර්ය භාර්ය ඉතාම වැදගත්… අල්ලස් දූෂණ කොමිසමට අදාල දේවල් තමයි විගණකාධිපති තුමා කරන්නේ. ”

“අපි දැක්කා විගණකාධිපති තුමා අයින් වුනා. දැන් ඉන්නේ ඇක්ටින් කෙනෙක්. ජනාධිපති තුමා පැරෂුට්කායෙක් විගණකාධිපති කරන්න හැදුවා. ඒකෙන් මොකක්ද වුනේ. ජනාධිපති තුමා රටේ සමච්චලයට ලක් වුනා. ජනාධිපතිතුමා ගෙනා පැරෂුට් කාරයා ව්‍යවස්ථාදායක සභාවේ දී පරාජයට ලක් වුනා.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“අනුර කුමාර දිසානාය ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදි පොරොන්දුවක් දුන්නා රාජ්‍ය සේවය සඳහා නුසුදුසු පුද්ගලයින් තනතුරු දෙන්නේ නෑ කියලා. තමුන්නාසෙලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 197වැනි පිටුවේ ලියලා තියනවා.”

“එහෙම තිබෙද්දි ජනාධිපති හොරෙන් ඇවිත් වැට පන්නලා විගණකාධිපතිවරයා පත් කරන්න හැදුවා. තියන ප්‍රශ්නය ජනාධිපති තුමා පහුගිය කාලෙම මේ රටේ රාජ්‍ය සේවය ගැන කතා කරලා රාජ්‍ය සේවයට නුසුදුසු පුද්ගලයින් ගැන කතා කරලා ඒවට එන්න ඕන පුද්ගලයින්ගේ අත්දැකීම් ගැන කතා කරලා ඒවට එන්න ඕන ජනතාව ඉදිරියේ කියලා ඇයි මේ විගනකාධිපති තනතුරට සුදුසු නැති පුද්ගලයෙක් ගෙනත් පත් කරන්න හැදුවේ.”

“ඒක තමයි තියන ගැටලුව. විගණකාධිපති තනතුරට මෙතෙක් ඇවිත් තියෙන්නේ එම ආයතනයේ සම්ප්‍රදාය අනුව. ආයතනයෙන් තමයි පත් වෙන්නෙ. 41 දෙනෙක් පත් වෙලා ඉන්නවා. 42වැනියට සුදුදුකම් තියන පුද්ගලයෙක් ඉන්නවා. චාටර්ඩ් කොලිෆයිඩ් කෙනෙක්. අත් දැකීම් තිබෙන විෂය ගැන අවබෝධයක් තියන දීර්ඝ කාලයක්, ඒ කියන්නේ අවුරුදු 30ක් ඒ දෙපාර්තමේන්තුවෙ වැඩ කරපු කෙනෙක් ඉන්නවා.”

“ඒ කෙනාව තියාගෙන එයාව පත් නොකර එළියෙන් ගෙනාවා අත්දැකීම් නැති කෙනෙක්. රාජ්‍ය සේවයේවත් හිටපු නැති කෙනෙක්. ඇයි ඒ ගෙනාවේ.. මම දන්නේ නෑ දෙවැනියගෙ නම පිලිබඳ ප්‍රශ්නයක් තියනව ද කියලා. මොකද එයාගෙ නමත් ගම්මන්පිල. ගම්මන්පිල ගැන ප්‍රශ්නයක් තියන හින්දද දන්නේ නෑ එතුමාව පත් නොකර හිටියේ. ”

“ආණඩුවේ විගණන පටන් ගන්නවා ලබන වසරේ ඉඳන්. මේ අවුරුද්ද තුළම විගණන ප්‍රමාණයක් තියනවා. කන්ටේනර් 323 සම්බන්ධව. මේක අපි නෙමෙයි කියන්නේ වරාය රේගු නිලධාරීන් කියන්නේ.
මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් එකෙන් පිට දුන්න එක ගැන. ඒ වගේම STC එක ලුණු ගෙනල්ලා පෞද්ගලික අංශයට දිලා 130- තිබ්බ ලුණු 350ට වික්කේ කොහොමද කියලා. ඒක ගැන පරීක්ෂණයක් තියනවා. ”

“මේ විදිහට චෝදනා රාශියක් ආණ්ඩුවට මේ කෙටි කාලය තුළ ඇවිත් තියනවා. එතකොට මේ විගණකාධිපති තුමාගේ කාර්ය භාර්ය තමයි මේ චෝදනා ටික විමර්ශනයට ලක් කිරීම. ”

“අන්න ඒ හින්ද තමන්ට හිතවත් විගණකාධිපතිවරයෙක් පත් කරලා මේ වෙච්ච දූෂණ වංචා ටික යට ගහන්න ද ජනාධිපතිතුමා මේ උත්සාහය දැරුවේ. ඒකයි අපි අහන ප්‍රශ්නය. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාවාරමෙක් සතුව තිබූ බදු නොගෙවූ රුපියල් ලක්ෂ 75ක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 337ක් විනාශ කරදැමීමට අධිකරණය නියෝග කරයි! ( වීඩියෝ සහිතයි)

Next Post

හිසකෙස් වර්ණ කරන හොර ඩයි විකිණූ ජාවාරමෙකුට අධිකරණයෙන් දඬුවම්!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.