දිනසේන රතුගමගේ –
නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා 16 දා පැවසීය .
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා හමු වීමට යොදාගත් හමුව කල් දැමීමෙන් යළිත් පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නවලින් රජය ලිස්සා යන ආකාරය බව දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්පන්ධන් අද (16) පැවසීය.
යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් තොරතුරු විමසූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේ ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට ඇති ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දැඩි සැලකිල්ලක් දක්වන නිසා මින් ඉදිරියට මේ ආකාරයෙන් දෙමළ ජනයාගේ ප්‍රශ්න වලින් රජයට ලිස්සා යාමට හැකියාවක් නැති බවය .
”රජය හා රජයේ සෑම නියෝජිතයෙකුම දෙමළ ජාතික සන්ධානය හමු වී වත්මන් ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට තදබල ලෙස මැලිකමක් දක්වන්නේ ජාත්‍යන්තරය විසින් කරනු ලබන බලපෑම් වලට නතු වීමට සිදුව ඇති ලැජ්ජාව නිසයි. ඉතින් මේ සාකච්ඡාවත් කල් ගියා.“
“ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව දෙස බලන විට ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්න කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සැලකිල්ල මනාව පැහැදිලි වෙනවා. “
“ ඇමරිකාවේ ඉහළ පදවියකට දෙමළ ජාතිකයෙකු පත් කිරීම නිසා දෙමළ ජනතාවට ජාත්‍යන්තරය තවමත් ගරු කරන බව තවත් පැත්තකින් පෙනෙන්නට තිබෙනවා.“
“ දෙමළ ජනතාවගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන ජාත්‍යන්තර ප්‍රජාව නිර්දේශ ගණනාවක් සම්මත කරගෙන ඒවා ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කොට අවසානයි. “
“ඉන්දියාව යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අනාගතයේදී මීට වඩා සැලකිලිමත් වන විශ්වසයි.“
“ එල්.ටී.ටී.ඊ.සංවිධානය තුරන් කිරීම සදහා ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තරයේ බොහෝ රටවල් උදව් උපකාර කළත් දෙමළ අයිතිවාසිකම් මර්දනය කිරීමට ඔවුන් සහය දක්වන්නේ නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ බිහි වූ සෑම රජයක්ම දෙමළ ජනතාව සදහා ප්‍රශ්නයක් ඇතිබව පිළිගෙන එම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට ජාත්‍යන්තරය හමුවේ ඔවුන් ප්‍රතිඥා දී තිබීමයි.” යනුවෙන්ද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.