බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

චීනයෙන් යුද අභියෝගයක් … නේටෝ සංවිධානය අනතුරු අඟවයි

by editor
ජූනි 16, 2021
in දේශපාලන, සමාජ
Share on FacebookShare on Twitter

නේටෝ සංවිධානය (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) පළමුවරට චීනය විසින් ජාත්‍යන්තරයට යුධමය බලපෑමක් එල්ල කරන බවට නිවේදනය කර සිටියා.

එහිදී නේටෝ සංවිධානය විසින් චීනය පද්ධතිමය අභියෝගයක් එල්ල කරන බවටයි ප්‍රකාශ කලේ. නේටෝ සංවිධානය මෙම ප්‍රකාශය කරනු ලැබුවේ ඉකුත් සඳුදා බ්‍රසල්ස් නවරදී එක්දින සුමුළුවෙන් පසුවයි.

අදාල ප්‍රකාශයට නේටෝ සංවිධානයේ සාමාජික රටවල් 30ම නායකයින් විසින් අත්සන් කරනු ලැබ තිබුනා. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුනේ චීනයේ හැසිරීම නීති පදනම්කරගත් ජාත්‍යන්තරයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

මෙය මෙතක් නේටෝ සංවිධානය අනුගමනය කළ ප්‍රතිපත්තිවල යම් වෙනස්වීමක් විදිහට පෙන්වාදිය හැක. මීට පෙර නේටෝ සංවිධානය ප්‍රධානම මාතෘකාව වූයේ රුසියාවේ තම කළාපයට එල්ලවිය හැකි අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමයි.

එහෙත් මෙවර එම තත්ත්වය හාත්පසින්ම වෙනස්ව මූලික අවධානය චීනය වෙත යොමුවීම විශේෂිතයි.

කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ මෙම ප්‍රකාශය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ හැසිරීම විශාල වශයෙන් හේතු පාදක වුණා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් නේටෝ සාමාජිකයින්ගෙන් චීනයේ ඒකාධිපතිවාදය සහ වර්ධනය වන යුධමය ශක්තියට එරෙහිව නැගී සිටින ලෙස විශේෂයෙන් ඉල්ලා සිටියා.

 Joe-Biden
ඇමරිකානු ජනාධිපති පසුගිය 14 දා නේටෝ සමුළුව අමතමින් චීන අනතුර ගැන ප්‍රකාශ කළ අවස්ථාව

එහිදී බයිඩන් ප්‍රකාශ කර සිටියේ ඇමරිකා එක්සත් ජනපදය නේටෝ සාමජිකයින්ගේ යුධමය ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවයි. එසේම අවැසි ඕනෑම මොහොතක ඇමරිකා එක්සත් ජනපදය සහය ලබාදෙන බවටද ඔහු ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මෙය ඉකුත් වොෂින්ටන් පාලනය අනුගමනය කළ ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක්. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සංවිධානය සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වගෙන ගියේ නැහැ.

එහිදී ට්‍රම්ප් විසින් ඇමරිකාව විසින් නේටෝ සංවිධානයට විශාල වශයෙන් මුදල් ලබාදීමේ පදනමත් යුරෝපා රටවල් ආරක්ෂා කිරීමත් පිළිබඳ සෘණාත්මකවයි බැලුවේ.

කෙසේ වෙතත් බයිඩන් පාලනය නේටෝ හිතවාදී විම කළාපයේ ශක්තිමත් බාවය වර්ධනය වීමක් විදිහටයි ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙහිදී නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙනස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කර සිටියේ බෝල්ටික් දේශයන්ගේ සිට අප්‍රිකානු කලාපය කරා චීනයේ යුධමය ක්‍රියාකරම්වල යම් වර්ධනයක් දැකගැනීමට හැකියාව පවතින බවත් ඊට නේටෝ සංවිධානය සූදානම් වියයුතු බවයි.

Jens Stoltenberg
නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අනතුර ප්‍රකාශ කරමින්..

ස්ටෝල්ටන්බර්ග් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට චීනය විශාල වශයෙන් යුරොපා කළාපයේ ඉතා වැදගත් යටිලත පහසුකම් ව්‍යාපෘති වල සීඝ්‍රයෙන් අයෝජනය කරමින් සිටින බවයි.
මේ අතර පසුගිය කාලයේදී ඇතැම් දුර්වල ආර්ථික පවතින යුරෝපා රටවල මහා පරිමාණ අයෝජනයන් සිදුකිරීමට චීනය උත්සකු වී තිබෙනවා.

එසේම ගතවූ වසර දහයක කාලයේදී චීනය විසින් යුරෝපයේ ප්‍රධන පෙලේ සමාගම් 350ක් පමණ අත්පත්කරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම චීනය විසින් පසුගිය කාලයේදී ගීසියේ සහ පෘතුගාලයේ විශාල වශයෙන් අයෝජනයන් කිරීම්ද දැකගැනීමට පුළුවන්.

මේ අතර ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් විසින් ප්‍රකාශකර කර ඇත්තේ නේටෝ සංවිධානයට ඇමරිකානු ජනාධිපතිවරයා පූර්ණ සහය පළකිරීම එම සංවිධානයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති බවයි.
චීනය යම් තර්ජනයක් එල්ලවන බව අවබෝධකරගෙන සිටීම ඉතා වැදගත් බවද ඇය පෙන්වා දී තිබෙනවා. එසේම මාකෙල් එක් වෙන අවසාන නේටෝ සමුළුවන වන්නේද මෙයයි.

බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් බෝරිස් ප්‍රකාශ කර සිටින්නේ බීජින් පාලනය සමඟ කටයුතු කිරීමේදී වාසි වගේම අවදානම්ද පවතින බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කිසිඳු නේටෝ සාමජික රටකට චීනය සමඟ සීතල යුද්ධයක පැටලීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර පසුගියදා අවසන් වූ ජී7 සමුළුවේදී චීනය දෙන වැඩි අවධානයක් යොමුවූ අතර චීනයෙන් නව සේද මාවත වැඩසටහන වන එකම තීරයක් එකම මාවතක් වැඩසටහන පිළිබඳවද දැඩි කතාබහකට ලක්විය.

එහිදී ඊට ප්‍රතිචාර වශයෙන් නැවත යහපත් ලෝකයක් ගොඩනගමු යනුවෙන් වැඩසටහනක්ද හදුන්වාදීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී චීනය තම හමුදා කඳවුරු අප්‍රිකානු කළාපයේ ස්ථාපති කිරීමට උත්සුක වුන අතර මේ වන වින ජිබූටි හී චීන හමුදා කඳවුරක් ස්ථපිත කර තිබෙනවා.

එසේම පසුගිය කාලයේදී චීනය විසින් තම න්‍යෂ්ටික අවි සංචිත වර්ධනය කිරීමටද උත්සුක වෙමින් පවතින් අතර එය ඉදිරියේදී ගෝලීය බලතුලනයට විශාල බලෑමක් එල්ල කිරීමටද ඉඩ පවතී.

කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ ප්‍රකාශයට යුරෝපා සංගමයේ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී ඔවුන පවසා ඇත්තේ චීනය ගෝලීය සාමයට තර්ජනයක බවට මතයක් නිර්මාණය කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

තමන ආරක්ෂක ප්‍රතිපත්ති හුදෙක් තමනගේ ආරක්ෂාව පතා සිදුකරන ක්‍රියාවක් පමණක් බවත් එය ඉතා විනිවිද භාවයින් සිදුකරන්නක් බවත් ඔවුන් පවසා තිබෙනවා.

“අපි කිසිම අවස්ථාවකදී කිසිවෙකුට පද්ධතිමය අභියෝගයක් එල්ල කරන්නේ නැහැ. ඒත් කවුරුන් හෝ අපිට එවැනි අභියෝගයක් එල්ල කරනවා නම් එවිට අපි උදාසීනව සිටින්නෙත් නැහැ” යනුවෙන් චීනය වැඩිදුරත් ප්‍රකාශ කර තිබෙනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහාචාර්ය මොහාන් මුණසිංහට නොබෙල් පරිසර ත්‍යාගයට නොදෙවෙනි සම්මානයක්

Next Post

ජනපති යළිත් අපව මග හැරියා.. ඒත් ඔහුට ජාත්‍යාන්තරය මග හරින්න බෑ… සම්පන්දන් කියයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.