සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති මුල් වී පක්ෂ විපක්ෂ හැමෝගෙම සහභාගිත්වයෙන් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස් වෙයි…

by editor
දෙසැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදු විය.

බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම, මධ්‍යම අධිසංවේදී කලාප (Central Fragile Area) කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් අවධානය යොමු විය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණයට අදාළව විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා වන කමිටුව ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දීම සහ ඊට අදාළ බලතල පැවරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසුගිය අගෝස්තු 07 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර,  හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27 වන දා රාත්‍රියේ නැවත රැස් විය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම  වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මඟපෙන්වීම වෙනුවෙන් එය අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ. ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක්  (2025.12.14)  රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. එම ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම සහ ජීවනෝපාය මාර්ග  යළි ගොඩනඟමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා ස්ථීර විසඳුමක් සෙවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අවදානම් කලාපයේ පවතින නිවාස 15,000ක් හඳුනාගෙන තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, 2026 වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 8,000ක කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනිමින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. ඒ වෙනුවෙන් නීති සම්පාදනයේ අවශ්‍යතාව මෙන්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහිදී රජයට රුපියල් බිලියන 5.79ක  පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය  හදුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙහිදි අනාවරණය කළේය.

එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්න, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර,  බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,  වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් චන්ද්‍රසේකර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර ද ,  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, බී. ආරියවංශ, පත්මනාදන් සත්‍යලිංගම්, අනුරාධ ජයරත්න, උදුමාලෙබ්බේ ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ   සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිමාව බලය දැරූ ගාල්ල මහ නගර සභාවේ මංගල අය වැය පරදී… ගාල්ල මහ නගර සභා අයවැයක් පරදින්නේ  ඉතිහාසයේ පළමු වරටයි…

Next Post

පාසල් දරුවන්ට නොවැම්බර් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේ ද දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

Comments 1

  1. devinda says:
    මාස 7ක් ago

    සජිත් මහත්තයෝ 100- 200 වත් අරගෙන ගිහින් කැඩිච්ච පාරවල් වැව් විනාශ වූ කුඹුරු ටික ශුද්ධ කරන්න උදව්වක් දීලා නමට හරි ජනතාව විපතට පත් වුණ වෙලාවට ඉන්නවා කියලා පෙන්නුවොත් තමයි හොඳ කයිය නායකයෙක් ජනතාවට වැඩක් නැහැ.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.