සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ගයාෂාන් නවානන්ද වාසුදේව නානයක්කාර මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී නව වාමාංශික පෙරමුණ නියෝජනය කරන මනත්‍රිවරයෙකි.
ඔහු අද ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.
පසුගියදා විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මේ ඒ වනවිට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආණ්ඩුවට සහය පළ කරන මන්ත්‍රිවරුන් බිලි බා ගැනීමට තම කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට ඔහුගේ ගෝලබාලයන් යවන බවය. රෙණුක පෙරේරා සහ ජයන්ත කැටගොඩ එසේ එවූ ගොලයන් බවත් විමල් වීරවංශ කීවේය.
මෙසේ බැසිල් රාජපක්ෂ ගේ නියෝජියන් ගේ ආරාධනය ලද බවට සඳහන් කළ මන්ත්‍රිවරුන්ගේ නම් අතර ගයාෂාන් මන්ත්‍රිවරයා සිටියේය.
ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මෙම විමල් වාසු උදය ප්‍රමුඛ පක්ෂ 11 මන්ත්‍රි කණ්ඩායමෙන් ආණ්ඩුවට එක් වූ පළමු මන්ත්‍රිවරයා වන්නේ ගයාෂාන් නවානන්දය.
මීට අමතරව මෙම ස්වාධීන වූ මන්ත්‍රි කණඩායමේ සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් වන ශාන්ත බණ්ඩාරත් අචාර්ය සුරේන් රාඝවනුත් මේ වනවිට රාජ්‍ය අමත්‍යයවරුන් ලෙස පත්ව තිබේ.
මේ මන්ත්‍රී බෑම දිගින් දිගටම කරගෙන යද්දී කැබිනට් ඇමති ධූර ප්‍රමාණයක් ද පුරප්පාඩු කර තබා ගනිමින් ජනාධිපතිවරයා අදත් අනෙක් දේශපාලන පක්ෂවලට රට හැදීම සඳහා එක්වන ලෙස ආරාධනා කළේය.